'අයියෝ සාමිනී' ගීතය ලියමින් ඉහළ ජනප්රසාදයක් ලබ ගත් කොලිවුඩයේ ලාංකික ගී පද රචක පොතුවිල් අස්මින් මේ වන විට රූකාන්ත ගුණතිලකගේ පළමු දෙමළ ගීතය ලියා තිබේ.
මෙම ගීතය 'අයියෝ සාමි' ගීතයේ ප්රතිවිරුද්ධ පාර්ශ්වයේ ගීතය හැටියට ඇතැම් විට රසිකයින් හඳුනාගනු ඇති බවද ඔහු සමග කළ කතාබහකදී පැවසීය.
එම ගීතය රූකාන්ත ගුණතිලක්ගේ දියනිය වින්ඩි ගුණතිලක ගැයූ ගීතය තරමටම ජන ප්රසාදයක් දිනාගනු ඇති බවට අනුමාන කරන බව අස්මින් වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.
අස්මින් රචනා කළ 'කයානතුම් සාමි' ගීතය මේ වන විට ඉන්දියාවේ ලක්ෂ පහ ඉක්මවා ඉන්ස්ටග්රෑම්හි නරඹා තිබෙන අතර පසුගිය ශ්රී ලංකාවෙන් කොලිවුඩයට ගී පබඳින දෙවැනි ගීත රචකයා වන්නේද අස්මින්ය.
ශිවන්ති ප්රනාන්දු