"කල්ගත වූ තුවාල සුව කිරීමට යෑමේදී තුවාල අලුතෙන් පාරා ගැනීමට සිදු වෙනු ඇත. එය වේදනාකාරී අත්දැකීමකි. ඒත් අනාගතවාදී අදහසක් ඇත්තෙකුට කිසිසේත් අතීතය මග හැර යා නොහැකිය. සමහරවිට එවැනි කාර්යන් පවා අනතුරුදායක වනු ඇත. එහෙයින් එය මගහැර වුව සිටිය හැකිය."
තරුණ කිවිවර දීපචෙල්වන් ප්‍රදීපන් විසින් 'බංකරයක ඉපදුණු දරුවෙකු' නමින් රචනා කරන ලදුව 2008දී පළ කළ කාව්‍ය කෘතිය 'රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන' නමින් සිංහල බසට පරිවර්තනය කර පළ කර ඇත.
ජනප්‍රිය ලේඛිකා, කථිකාචාර්ය අනූෂා සිවලිංගම් විසින් මෙම පරිවර්තනය සිදු කරනු ලැබූ මෙම කෘතිය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී පෙරේදා (29) එළි දැක්විණි.
NINE ප්‍රකාශන ආයතනයේ මුද්‍රණයක් ලෙසින් මෙම එළිදැක්වීම සිදු කර ඇත. කවර නිමැවුම විකුම් ජිතේන්ද්රගේය.
ඡායා : රවින්ද්‍ර පුෂ්පකුමාර