ගාල්ල මහින්ද විද්‍යාලය තුළ ගාමන්ට් ෆැක්ටරියක් විවෘත කර ඇතැයි කී විගසම සැමට පුදුමයක් දැනෙනු ඇත. නමුත් ලෝක ළමා දිනයට හා ලෝක වැඩිහිටි දිනයට ආදර්ශයක් ලබා දෙමින් මහින්ද පාසලේ බාලකයින් විසින් ළමා දිනය සැමරීමට මේ යොදාගත් උපක්‍රමය සැබැවින්ම අලුත් කලාවක් සොයාගැනීමකි.
ලෝක ළමා දිනයට සමගාමීව සිය සහෝදර ශිෂ්‍යයින්ට තමන්ගේම අතින් ත්‍යාගයක් නිර්මාණය කිරීමට මේ බාලකයෝ කටයුතු කර තිබුණහ. ඒ එයට විදුලහල්පතිවරයාගේ හා ආචාර්ය මණ්ඩලයේ පූර්ණ සහයෝගය ඇතිව පරිසර හිතකාමී බෑගයක් නිර්මාණය කරමිනි.
ලෝක ළමා දිනය වෙනුවෙන් සිසුන් 4000ක් සඳහා නිම කළ මෙම පරිසර හිතකාමී බෑගය, සිය පාසල තුළදීම තමන්ෆේ දෑතින්ම නිපදවීම මෙම අලුත් කලාවයි.
පිරිමි දරුවන් පමණක් ඉගෙනුම ලබන ගාල්ල මහින්ද විදයාලයේ බහු මාධ්‍ය ශ්‍රවණාගාරය තුළ රෙදිපිළි මැසීම සිදු කරන ආකාරය පහත ඡායාරූප කෙරෙන් දක්නට ලැබෙන අතර සාමුහිකව ඉලක්කයක් කරා යාමට පුහුණුව ලබා දීමද මෙයින් සාර්ථකව සිදු වී තිබිණි.
නිමල් අල්ගෙවත්ත