සයිරා බානු රංගන ශිල්පිනිය සහ බොලිවුඩයේ සුපිරි තරුවක් වූ දිලිප් කුමාර්ගේ විවාහ සංවත්සරය යෙදී තිබෙන්නේ ඔක්තෝබර් දෙවැනිදාටය.
ඒ හේතුවෙන් ඉන්ස්ටග්රෑම් සමාජ ජාලයට දිලිප් කුමාර් සමඟ ගත් විවාහ ගිවිස ගැනීමේ ඡායාරූපයකින් සයිරා බානු සිය අතීත මතකයක් රසිකයින් සමග බෙදාගෙන තිබිණි.
"මේ දිනය මගේ හදවතට වඩාත්ම ආදරණීය දිනයයි. 1966 අගෝස්තු 23 වන දින දිලිප් සාහාබ් මගේ උපන්දිනයට සුබ පැතීමටත් මගේ හදවතටත් මගේ නිවසට සහ ආ බැවිනි! ඊළඟ සතියේ මගේ මිත්තණියගේ අනුමැතියෙන් විවාහය සිදු විණි. එහි ප්රතිඵලයක් ලෙස, ඔක්තෝබර් 2 වැනි දින අපි නිහඬව පවුලේ උත්සවයක් පැවැත්වූවෙමු. එහිදී දිලිප් සාහාබ් සහ මම විවාහ ගිවිස ගැනීමේ මුදු හුවමාරු කර ගත් අතර ඔහුගේ බිරිඳ වීමේ මගේ සිහිනය සැබෑ විය."