පත්තිනි දේවියට සශ්‍රීකත්වය සහ සෞභාග්‍යය පතා කරන ලද ග්‍රාමීය ශාන්තිකර්ම සම්ප්රදාය අනුව ගොඩනැගුණු ශ්‍රී ලංකාවේ පැරැණි ජන නාට්‍ය කලාවක උසස් රසවින්දනය උදෙසා පසුගියදා සොකරි රඟ දැක්විණි.
උඩරට නාට්‍ය කලාවේ ජනප්‍රිය ජන නාටකයක් වන සොකරි නාට්‍ය රඟදැක්වීම ඒ අනුව පසුගිය ඔක්තෝබර් 5 වැනිදා පෙරවරුවේ නාට්‍ය දර්ශන දෙකක් හැටියට රඟදැක්විණි.
කොළඹ, එල්ෆින්ස්ටන් රඟහලේදී සාර්ථකව වේදිකාගත කළ මෙම නාටකය සම්මානලාභී නාට්‍ය රචක ජාලිය රාජපක්ෂ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබ තිබේ.
සොකරි නාටකය අතීතයේදී දින හතක් පුරා සාම්ප්‍රදායිකව රඟ දැක්වුණ අතර මෙම ද්රශන වේලාව පැය දෙකහමාරක් සඳහා සීමා වී තිබිණි.