දකුණු කොරියාවේ සහ ආසියාවේ විශාලතම චිත්‍රපටි සම්මාන උළෙල ලෙස සැලකෙන 28 වැනි ජාත්‍යන්තර බූසන් චිත්‍රපටි උළෙල ඔක්තෝබර් 04 වැනිදා සිට අද (13) දක්වා පැවැත්විණි. මෙම සම්මාන උළෙලේ ශ්‍රී ලංකාවට මෙවර ඇති වැදගත්කම වන්නේ එහි හොඳම චිත්‍රපටය ලෙස ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 'පැරඩයිස්' චිත්‍රපටය තේරී පත් වීමය.
කලාපයේ රටවල් 31ක් සම්බන්ධ කරගනිමින් මෙවර පැවැත්වුණ සම්මාන උළෙල කාගේත් අවධානය දිනාගත් සම්මාන උළෙලක් වන අතර වසරේ ආසියානු චිත්රපටිකරුවා, කොරියානු සිනමා සම්මානය, කාලීන සම්මානය, කිම් ජීසොක් හොඳම චිත්‍රපටය සම්මානය, හිඳම වාර්තාකරණ චිත්‍රපටය, හොඳම කෙටි චිත්‍රපටය, වසරේ නළුවා, නව නිෂ්පාදකයා, ඉහළ පැසසුමක් ඇති චිත්‍රපටය, උළෙලේ ප්‍රේක්ශක වැඩිම කැමැත්ත ඇති චිත්‍රපටය, වර්ධනාත්මක ආත්මීයබවක් ඇති චිත්‍රපටය, ජූරියේ හොඳම චිත්‍රපටය, ආසියානු විශේෂාංග චිත්‍රපටය සහ කොරියානු නිර්මාණ සඳහා වන සම්මාන 11ක්ද මීට ඇතුළත්ය.
පැරඩයිස් චිත්‍රපටය සම්මාන ලැබුවේ කිම් ජීසොක් සම්මානයයි. එය චිත්‍රපට 03ක් අධ්‍යක්ෂණය කළ සිනමාකරුවන්ගේ අධ්‍යක්ෂණයෙන් ත්‍රඟ කළ හොඳම චිත්‍රපට දෙකක් වෙනුවෙන් හිමි වන සම්මානයකි. අධ්යක්ෂ ප්‍රසන්න විතානගේ දිනා ඇත්තේ මෙම සම්මානයයි. එහිදී 'බ්‍රයිඩ් කිඩ්නැපින්' කොරියානු අධ්ය්ක්ෂවරයාගේ චිත්‍රපටයද හොඳම චිත්‍රපටය සම්මානය ලබාගත් අනෙක් චිත්‍රපටය වේ.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන මලයාලම් සිනමාවේ චරිතාංග නළුවෙකු වන රොෂාන් මැතිව්ස්, නිළියක වන දර්ශනා රාජේන්ද්‍රන් සහ ශ්‍යාම් ප්‍රනාන්දු, මහේන්ද්‍ර පෙරේරා රඟපෑහ.
මෙම ජයග්‍රහණය වෙනුවෙන් මිරර් ආට් අපි 'පැරඩයිස්' චිත්‍රපට කණ්ඩායමට සුබ පතමු!