ෆේස්බුක් සමාජ ජාලයේ ශ්‍රී ලංකාව තුළ සක්‍රීය සිනමා ලෝලීන් සහ සිනමා ක්‍රියාකාරීන් සාමාජිකත්වය දරන 'සිනමාවේදීන්' කාණ්ඩය 150,000ක සාමාජිකත්වය ඉක්මවා තිබේ. ඒ වෙනුවෙන් එහි නිර්මාතෘ නුවන් ප්‍රසාද් තැබූ සටහනක් මෙසේ පළ කෙරේ.
සිනමාවේදීන් 150k ...
ගෘපයේ නිර්මාතෘ -නුවන් ප්‍රසාද්- මෙසේ ලියනවා..
ලෝක සිනමාවේ රසය බෙදාහදාගන්න ලක්ෂ එකහමාරක්. මේ සාර්ථක ගමන ඇතුලේ ලබපු තවත් ලොකුම කඩඉමක් මේක.
කොහොමද ඒක වුනේ? අපේ ඇඩ්මින් මිත්‍රයන්ගේ ඉල්ලීම නිසා වගේම, ඒක ගැන කියන්න හොඳම දවස අද දවස කියලා මම හිතනවා.
හරියටම මීට අවුරුදු 6 කට කලින්, 2016.12.28 අපි සිනමාවේදීන් සමූහය ආරම්භ කරනවා. ඒ මම Nuwan Prasad සහ මිත්‍ර සුජීව එදිරිසිංහ එකතුවෙලා.
ඉන් පෙර වසර කිහිපයක් මුලුලේලේ ගෘප් කිහිපයක ඇඩ්මින් වරුන් විදිහට කටයුතු කරලා, ලබා ගත් අත්දැකීම් සහ නොයෙකුත් අදහස් හමුවේ, අපි දෙදෙනා එකතුවෙනවා එකම තැනකට. එකම අරමුණකට. එයින් අත්විඳපු දේවල් මගින් වගේම චිත්‍රපටි කෙරෙහි තිබුණ දැඩි ඇල්ම නිසාම අපි අපේම සමූහයක් විදිහට ෴සිනමාවේදීන්෴ සමූහය නිර්මාණය කරනවා. ඒ සාමාජිකයන් 100 කටත් අඩු ප්‍රමාණයකින්. ඉතින් දිනෙන් දින සාමාජික පිරිස ඉතාමත් සෙමෙන් සමූහයට එකතුවෙද්දි. ලෝක සිනමාව කෙරෙහි දැඩි ඇල්මක් දක්වන අප ආදරණීය මිත්‍ර පිරිස වන Upul Dissanayake , Luckshman Aranwala Sha Danthanarayana , Praveen M Weerasinghe , Anjana Dissanayaka Nirosh Gunasekara Gayan Gamage ඇඩ්මින්වරුන් විදිහට අපිත් සමග එකතුවෙනවා.
මේත් සමගම සිනමාවේදීන් සමූහයේ ඉංග්‍රීසි නාමය "The Cinema People" ලෙස ලක්ෂ්මන් අරංවල විසින් නම් කරනවා.
අපි හැමෝගෙම අරමුණ වුණේ එකම දෙයක්. හැමදාම කතාබහා කලේ, සැලසුම් කලේ ලෝක සිනමාවේ රසය බෙදාහදාගන්න හොඳම තැනක් විදිහට මෙය පත්කරන ගමන්, සමූහයේ ගුණාත්මකභාවය දිනෙන් දින වැඩි කරන්න. ලාංකීය චිත්‍රපටි කර්මාන්තය වෙනුවෙන් එකතුවෙලා හැකි දායකත්වයක් සපයන්න. මේ විදිහට වසරක් මුලුල්ලේ කටයුතු කරද්දි, ලාංකීය චිත්‍රපට අධ්යක්ෂ වරුන්, නළු නිලියන්, නවක චිත්‍රපට නිර්මාණ කරුවන් වගේම මාධ්‍ය හා අනෙකුත් කලා කේෂත්රයන් තුළ කැපවී කටයුතු කරන බොහෝ පිරිසක් සිනමාවේදීන් සමූහය ආදරයෙන් වැලඳගන්නවා. ඔවුන් සමූහය තුළ ඉතාමත් ක්‍රියාකාරි පිරිසක් බවට පත්වෙනවා. සමූහය හොඳම තැනක් බවට පත්වෙනවා. සාමාජික පිරිස හැත්තෑ දහස පසු කරනවා. නමුත් ඒ සියලුම දේවල් බිඳ දමමින් 2018.08.24 දින, අවාසනාවන්ත විදිහට සිනමාවේදීන් සමූහය අපිට අහිමිවෙලා යනවා. නැවත ගොඩගන්න බැරි විදිහට.
නමුත් ඒ ක්ෂණයෙන්ම අපි නැවත "සිනමාවේදීන්" ලෙසින්ම නව සමූහයක් නිර්මාණය කරනවා. එක් දිනකින් සාමාජික පිරිස දහස පසු කරනවා. සිනමාවේදීන් ෆේස්බුක් පිටුවද නිර්මාණය කරනවා. ඒවගේම ලෝක සිනමාවට බොහෝ සෙයින් ආදරය කරන Pasindu Kaushalya Rangana Isuru , Devinda Perera Viraj Sandeepa Ratnayake Ruwishan Vimukthi , Krishan NiShalya සමූහයේ මොඩරේටවරුන් විදිහට නව සමූහයට අපිත් සමග එකතුවෙනවා.
(ඒ අතර තුර අප මිතුරු නිරෝෂ් සහ ගයාන් , සහ ක්‍රිෂාන් නිෂල්ය,,ඇඩ්මින් කමින් ඉවත්වනවා ඔවුන්ගෙ කාර්යබහුලත්වය මත,, ඔවුන්ගෙන් අප ලබා ගත් පන්නරය මෙතකැයි කිව නොහැකියි.. ස්තූතියි සහ ආදරගෞරවය පුදකර සිටිනවා එදත් අදත් හෙටත්..)
අනිත් අමතක කරන්නම බැරි දේ තමයි, ඇඩ්මින් වරුන් මොඩරේට වරුන් සියලුමදෙනා එකතුවෙලා එක මොහොතක් මගනොහැර සමූහයේ පසුපස සිටිමින් සමූහයේ ගුණාත්මකභාවය රැක ගන්න දරණ උත්සහය... මම හිතන්නේ, අපි සියලු දෙනාගෙම අරමුණු තවත් සාර්ථකත්වයට පත් වුණේ මුල් සමූහයේ කඩාවැටීමට, පසුබෑමට පස්සේ කිව්වොත් හරියටම හරි. මොකද, එතනින් පසුව අපි සියලුදෙනා සැලසුම් කරපු සියල්ලම හරියාකාරව ඉටු වුණා. සමූහයෙන් පිට ඒකරාශි වෙලා චිත්‍රපට, කෙටි චිත්‍රපට වලට දායක වෙන්න, නිර්මාණය කරන්න, චිත්‍රපට මංගල දර්ශන පවත්වන්න වගේම සාමාජිකයන්ට චිත්‍රපටි මංගල දර්ශන වලට සහභාගි වෙන්න අවස්ථාව සමූහය හරහා ලැබුණා. හැමදාමත් වගේ සමූහය පසුපස සිට අපිට සහය වෙන සිරස හා චරණ මාධ්‍යය නාලිකාවන්, ඇඩ්මින් වරුන්ට හා සාමාජිකයින්ට චිත්‍රපට සම්බන්ධයෙන් බොහෝ විශේෂ අවස්ථා සලසා දුන්නා. ඒ වගේම සිනමාව ගැන සාමූහික වශයෙන් කතිකා කරන බොහෝ පිරිසක් සහ සිනමාව ගැන ගුණාත්මකව ලියන්න උනන්දුවක් දක්වන පිරිසක් බිහිවෙන්න සමූහය බොහෝ සෙයින් ඉවහල් වුණා.
මෑතකදී අපි තව මොඩරේටස්ල දෙදෙනෙක් බඳවා ගත්තා.. Dilantha Jayasanka සහ Ashendrie Samarasinghe .. ඇත්තටම ඒ මල්ලි සහ නංගි අපට සුවිශේෂී ශක්තියක් වුනා , ඒ බඳවා ගැනීම මත..
ඉතින් මේ වෙනකොට සිනමාවේදින් සමූහය ලංකාව තුළ පමණක් නෙවෙයි ජාත්‍යන්තරය තුළ පවා කතාබහට ඇගයීමකට ලක්වෙන සමූහයක් බවට පත්වෙලා තියෙනවා. සමූහයේ සාමාජිකයන් නිසාම Cinemaworld වැනි විදේශ නාලිකා පවා අප සමග සම්බන්ධ වීමට කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම සමූහය තුළ හොඳම ලිපි පළකරන සාමාජිකයින්ට චරණ නාලිකාව තුළ පවත්වන වැඩසටහන් වලට සම්බන්ධ වීමට ද අවස්ථාව ලැබිලා තියෙනවා. අනිත් දෙයනම්, සමූහයේ සාමාජික පිරිස චිත්‍රපට කේෂ්ත්‍රය තුළ ඉතාමත් ක්‍රියාකාරී වීම මේ වෙනකොට අපිට බොහෝ සෙයින් දකින්නට තියෙන දෙයක්. එය මහත් සතුටට වගේම ආඩම්බරයට කාරණයක්.
විශේෂම කාරණයක් තමා.. ලංකාවේ සිනමාකරුවන් බොහොමයක් ඉහළම විස්වාසය තබල තියෙනවා අපේ මේ ගෘපය පිළිබඳව.. කලාකරුවන් රාශියක් ඔබ අප ලියන ලිපි කියවනවා.. දැවැන්ත සිනමාකරුවන් ගෘපය කියවනවා.. සමහර කලාකරුවන් ගෘපය තුල එයාලගෙ අදහස් ඍජුවම පල කරන අවස්ථා ඔබ දැක ඇති..
ඉතින් මේ තාක් සාර්ථක ගමනක් ඔබ අපි ඇතුළු හැමෝටම එන්න හැකියාව ලැබුණේ සාමාජික ඔබ නිසාමයි. ඔබ මේ සමූහයට වගේම ලෝක සිනමාවට දක්වන අති මහත් ආදරය නිසාමයි. අපත් සමග රැඳිසිටින ඔබ හැමෝටම බෙහෙවින් ස්තූතියි... හැමදාමත් අපගේ ආදරය ගෞරවය - ආදරණීය කලාකාමී සිනමාවේදී ඔබටයි...