සිය පාසල් වියේදීම 1980 වසරේ තිරගත වූ ගඟ අද්දර චිත්‍රපටයේ 'නිර්මලා' නම් චරිතය රඟපාමින් ප්‍රේක්ෂකයින් අතරට ආ නිළිය වසන්ති චතුරානි ඊයේ (18) සිය උපන්දිනය සැමරුවාය. 64 වැනි උපන්දිනය සැමරූ වසන්ති චතුරානි ඇයගේ මුල්ම රංගනය වෙනුවෙන් සරසවිය සම්මාන උළෙලේ සහ ජනාධිපති සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවාය.
වසර ගණනාවක් ක්ෂේත්රයේ කටයුතු කළ කාලයේ සම්මාන ගණනාවක් දිනාගත් ඇය ගැහුණු ළමයි, දුවට මවක මිස සහ සුදු සෙවණැලි සහ චිතරපට ගණනාවක් සිය රඟපෑමෙන් වර්ණවත් කළ නිළියක් වේ.
ඉටිපහන් සහ තවත් නාට්‍ය ගණනාවකද ඇය අමතක නොවන සලකුණු සනිටුහන් කළාය.