ජාතික රූපවාහිනි සංස්ථාව ආරම්භ කර පසුගිය(14) දිනයට අවුරුදු 35ක් සැපිරුනු සේම නව අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක්ද වැඩ භාරගත්තේය.
සැළලිහිණි ගමනේ 35 වසරක් පිළිබඳ කතා කිරීමේදි ජාතික රූපවාහිනියේ ලාංඡනය වන සැළලිහිණිය කොයි කාටත් අමතක නොවනසලකුණක්. නමුත් මේ සැළලිහිණිය ලාංජනය පිටුපසින් අමිහිරි කතාන්දරයක් පිළිබඳ මිරර් ආට්ස් වෙත වාර්තා වුනා.
රූපවාහිනි නිල ලාංඡනයේ සිත්තම් කළ සෑබැ නිර්මාණකරුවා වන්නේ බන්දුල පීරිස් මහතාය. නිල ලාංඡනයේ අයිතිය වෙනුවෙන් සටන් කිරීම හේතුවෙන් කිසිදු යුක්තියක් ඉටුනොවි රැකියාවත් අහිමිවීම පිළිබඳ ඔහු මිර්ර් ආර්ට්ස්වෙත පවසා සිටියේ මේපරිදිය.
‘’1982 රූපවාහිනිය පටන් ගන්නා විට මම සිටියේ සෞන්දර්ය ඒකකයේ . 1981 දී ‘දියවන්නාව’ නමින් බැලේ එකක් තිබුනා. පාර්ලිමේන්තුව හදන්න මුල් ගල තිබ්බ උත්සවයට ඒ දියවන්නා බැලේ එකට මම තමයි සැමරුම් පොත නිර්මාණය කළේ. ‘ දියවන්නා’ සැලළිහිණි සංදේශ අශ්‍රයෙන් කරපු නාට්‍යක් මම සැළලිහිණියා නිර්මාණය කලේ ඒ සුනියර් එකට. මගේ මිත්රයකුවුන හැරල් පීරිස් තමයි මට මේය කරන්න කියලා ආරාධනා කර සිටියේ . මේ සැමරුම්පොත දුටු හැරල් පිරිස්ගෙන් තවත් මිත්‍රයෙක් විමසා තිබුණා කවුද මේ වැඩේ සිදුකළේ කියා.
ඒ යාලුවා තමයි ෆීනික්ස් ඇඩ්වටයිසින් ආයතන හිමිකරු අර්වින් වීරක්කොඩි. ඔහු මාව මුණගැසෙන්නට ඇවිත් කිව්වා පොතේ තියෙන සැලළිහිණියගේ සටහන ලොකු කරලා ඇදගන්න අවශ්‍යයි කියා. එවගේම ඔහු කිව්වා රූපවාහිනී කියන අදහසටයි මේක කරගන්න ඕනේ ලෙටර් හෙඩ් එකකට කියලා. මම ඇඳලා දුන්නෙ සැලළිහිණියා වම් පැත්තෙ සිට දකුණු පැත්තට පියාඹා එන ලෙසටයි. පසුව ඔහු කිව්වා ‘අර කට්ටිය කියනවා මේක දකුණු පැත්තෙ සිට වම් පැත්තට පියාඹා එන විදියට ඇඳලා ඉල්ලනවා’ කියලා මම එයත් ඇඳලා දුන්නා. සැලළිහිණියා ඇඳගත් අර්වින් වීරක්කොඩි ඉන්පසු මාව ඇමතුවේ නැහැ. මට ඒ සම්බන්ධයෙන් කිසිදු මුදලක් ලබා දී තිබුණෙත් නැහැ. මම මේ ගැන නැවත අර්වීන් ගෙන් විමසා සිටියා. ඒ වෙලාවේ අර්වින් පැවසුවේ ඒ මිනිස්සු ඒක ගැන කතාවක්වත් කෙරැවේ නැති බව පවසා සිටියා එයින් පසු මමත් නිශ්ශබ්දවුණා.
බන්දුල පීරිස්
1981 අගෝස්තු මස විසිදෙවැනිදා හෝ ඊට ආසන්න දිනයකදි රූපවාහිනිය දැන් තියෙන ස්ථානයේ නතර කර තිබූ බස් එකක අර සැලළිහිණි ලාංඡනය ප්‍රින්ට් කරලා තිබුණා. ඊට පසුව ‘නවලිය’ පුවත්පතේ ආර්ටිකල් එකක් පළවුනා එවකට සංස්ථා සභාපතිවරයාව සිටි එම්. ඡේ පෙරේරා සහ අර්වීන් වීරක්කොඩි ගේ ඡායාරූපයක් සමඟ රූපවාහිනි ලාංඡනයේ නිර්මාණකරුවා අර්වින් වීරක්කොඩි බව පවසමින්. මම පසුව පත්තරේට ලියුමක් ලිව්වා මේය සම්පුර්ණ වැරදියි මමයි ෆීනික්ස් ඇඩ්වටයිසින් ආයතනයට මේ ලාංඡනය නිර්මාණය කරදුන්නේ යන්න පවසමින් නමුත් ඒ පුවත්පත නිශ්ශබ්ද වුණා.
මම එවකට සෟෙන්දර්යේ සිටියේ අවුරුදු 05කට පමණයි. මගේ මිත්‍රයා පැවසුවා රූපවාහිනියට ඉල්ලුම් පත්‍රයක් දාන්න කියලා. මාව ඉන්ටර්විව් කලේ
රූපවාහිනී සංස්ථාවේ පළමු සභාපතිවරයා වන එම්.ජේ.පෙරේරා. මං සැලළිහිණි ලාංඡනේ තොරතුරු පිළිබඳව ඔහුට කිව්වා. ඒ අනුව මට රූපවාහිනී සංස්ථාවේ මාධ්‍ය රූප ශිල්පියකු ලෙස රැකියාව ලබාදුන්නා. 1982 පෙබරවාරි 15 වැනිදා තමයි නිල වශයෙන් රූපවාහිනිය ආරම්භ වන්නේ. එදින මා ගැනත් මා නිර්මාණය කළ ලාංඡනය පිළිබඳවත් කෙටි රූප රාමු පෙළක් පටිගත කෙරුණා. එදින රාත්‍රි සිංහල, ඉංග්‍රිසි, දෙමළ ප්රවෘත්ති විකාශනවලදී ලාංඡනය නිර්මාණය කිරීම පිළිබඳව මා ගැන ප්‍රවෘත්තියක් පළවුණා.
අර්වින් වීරක්කොඩි ලියුමක් එව්වාරූපවාහිනි ලාංඡනයේ නිර්මාණය ඔහුගේ බව පවසමින් රූපවාහිනියෙන් වන්දි ඉල්ලා නඩු දමන බවට. ඒ අය නඩු කියනවා නම් අපිත් නඩු කියමු” කියලා සභාපතිවරයා කිව්වා. රූපවාහිනී සංස්ථාව හා දැන්වීම් ආයතනය සැලළිහිණියාට අයිතිය පතා අවුරුදු පහමාරක්ම නඩු කිව්වා ඒ අවුරුදු පහම සාක්කි විමසුවේ පැමිණිලිකරුගෙන් පමණයි. මට කිසිදු අවස්ථාවක විත්තිය වෙනුවෙන් සාක්ෂි දෙන්නට අවස්ථාවක් දුන්නේ නැහැ. මම නීතිඥවරුන්ට කිව්වා මට එක පැය භාගයක් අවසර අරෙගන දෙන්න සාක්කි දෙන්න කියලා. ඒත් ඒකට අවුරුදු පහමාරක් යන තුරුම ඉඩ ලැබුණේ නැහැ. පසුව නඩුව අවසාන භාගය වන විට අර්වින් වීරක්කොඩි සංස්ථාවට ලියුමක් එව්වා ලාංඡනය ඔහුගේ කියලා පිළිගන්න වන්දි අවශ්‍ය නැති බව පවසමින්. පෙරේරා මහත්තයා කිව්වා නැහැ අපි දිගටම නඩු කියනවා කියලා.
නඩුව අවසාන දිනයේ සරත් අමුණුගම සාක්ෂි දෙන්න පැමිණ සිටියා ( දියවන්නා සුවිනියර් එකට ) ඔහු එවකට අමාත්‍ය ලේකම්වරයෙක් වශයෙන් සම්බන්ධ වුණා. ඒ වගේම ඔහු අර්වින් වීරක්කොඩිගේ හොද යහලුවෙක්. උසාවියෙදී අමුණුගමගෙන් ඇහුවා මේ පොතේ තියන ලාංඡනයයි රූපවාහිනියේ ලාංඡනයයි අතරේ සමානතාවයක් තියනවද කියලා ඔහු කිව්වා නැහැ කියලා. නීතිඥවරයා කිවුවා තව පොඩ්ඩක් හොදින් බලන්න කියලා ඔහු ඒත් නැහැ කිවුවා. ඒවිට නඩුකාරවරයාව සිටියේ වික්‍රමසුරිය කියන විනිසුරැ තුමා ඔහු පොත ඉල්ල ගෙන බලලා ඔහු කිවුවා මේ ලාංජනය අර්වින් වීරක්කොඩි ඇන්ද කියලා කියනවා නම් අර්වින් වීරක්කොඩ් කරලා තියෙන්නේ මේ තියන ස්කෙච් එකට ඉරි කැලි දෙකක් ගහන එක විතරයි කියලා.
නඩුව දිගින් දිගටම යද්දි එම්.ඡේ පෙරේරා සංස්ථාවෙන් අයින් වුනා. එහෙම ඉවත් වුණ ගමන් වීරක්කොඩි ඔවුන්ගේ දේශපාලන සම්බන්ධකම් උඩ ඊට පසුව පත්වුන අධ්‍යෂකවරයාට ලියුමක් ඒවුවා මේ නඩුව වහාම නවත්වන්න මේ ලාංජනය අර්වින් විරක්කොඩි ඇන්ද කියලා පිලිගන්න කියලා . උසාවියෙදි මේ ගොල්ලෝ ඒබව පිලිගත්තා. එදින නිවුස් වලට කිවුවා මේ ලාංජනයේ අයිතිකරුවා අර්වින් වීරක්කොඩි කියලා . එවකට රූපවාහිනියේ සභාපති අසේල නවරත්නට මම ලියුමක් ලිවුවා මේක සම්පුර්ණ වැරදි තීරණයක් මට සාක්ෂි දෙන්න නොදි ඒකපාර්ශිකව මේ දේ කළේ, මේක ඔප්පු කරන්න මගේ ළග සාක්ෂි තියෙද්දි සංස්ථාව මගේ අයිතිවාසිකම පවා දුන්නා කියලා ඒකට කෙන්ති ගිහිල්ලා මම ඉන්ටඩික් කළා.
ඊට පස්සෙ මම ලියුමක් ලිව්වා එවකට ඇමතිවරයා වුණා තිස්ස අල්විස්ට ඔහු රූපවාහිනී සංස්ථාවට බැනලා කිව්වා වාහාම මට රස්සාව දෙන්න කියලා. මාස තුනකින් පසුව මාව නැවත රස්සාවට ගත්තා ඊට පස්සේ මට කවදාවත් ලංඡනයක් ගැන කතාකරන්නවත් ඉඩක් දුන්නේ නැහැ ඒ වගේම වැඩක් දුන්නෙත් නැහැ. මාව රස්තියාදුකෙරෙව්වා. ඊට පසුව 1990 දී මාව ගත්තා ටෙලිවිෂන් ට්‍රෙනින් සෙන්ටර් එකට.
2013 මම ප්‍රදර්ශනයක් තිබ්බා. මගේ නැතිවුණ අයිතිය වෙනුවෙන් ස්මාරකයක් හැදුවා සැලළිහිණි ලාංඡනය දාල, ඒඅවස්ථාවේදි මාධ්‍ය ආවරණයක් ලබාදිලා රූපවාහිනියෙන් ප්‍රචාරය කළා මේ ලාංඡනය මගේ එකක් කියන එක. ඒ වගේම අර්වින් වීරක්කොඩි දන්නේ නැති තව දෙයක් මේ ලාංඡනේ තිබුණා ඒ තමයි මගේ නමේ මුල් අකුර ‘බ’ යන්න මේකේ තියනවා මම පසුව එය හෙළිකලා.
නමුත් මේ සම්බන්ධයෙන් වන්දියක් හෝ කිසිඳු මුදලක් අද වනතුරු මට ලැබිලා නැහැ. තවමත් රිටයර් වුන අයට කැඳවීම් කරද්දි මම හැර අනිත් සියල්ල ම කැඳවනවා මට කිසිදු දෙයකට ආරධනා කරන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් තමයි සෑබැ නිර්මාණකරැවට අද ලැබිලා තියෙන්නේ.’’
විශේෂ ස්තූතිය ශාන්ත කේ. හේරත්
සටහන -තුෂාරා විතාරණ