රූබන් ඔස්ට්ලන්ඩ්ගේ Triangle of Sadness සිනමා කෘතිය පිළිබඳ විමසුමක් ඊයේ (21) කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම ශාලාවේදී සවස 4 සිට පැවැත්විණි.
විදර්ශන කන්නන්ගරගේ කථිකත්වයෙන් පැවැත්වුණු සිනමා සභාව සමීර තිලකවර්ධන විසින් මෙහෙයවනු ලැබිණි.
ජාතික චිත්‍රපට සංස්ථාවේ ආදි ශිෂ්‍ය සංගමයේ සංවිධානත්වයෙන් මෙය පැවැත්විණි.
Triange of Sadness යනු 2022 උපහාසාත්මක කළු හාස්‍ය චිත්‍රපටයක් වන අතර චිත්‍රපටය ජනප්‍රිය යුවළක් ධනවත් අමුත්තන් සමඟ සුඛෝපභෝගී ගමනක් යන ආකාරය පෙන්වයි.
Triange of Sadness යනු 2022 මැයි 21 වැනිදා කෑන්ස් චිත්‍රපට උළෙලේදී තිරගත වූ සම්මානලාභී. 95 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම මුල් තිර රචනය සඳහා වන නාමයෝජනා අතරද එය එය මුල්තැන ගත්තේය.