කොලිවුඩයේ සාර්ථක නළුවකු ලෙස ප්‍රකට කාර්ති කුප්‍රකට සොරෙකු ලෙස ඔහුගේ නවතම චිත්‍රපටය වන Japan හි රඟපෑමට එක්ව තිබේ.
රාජු මුරුගන් විසින් අධ්‍යක්ෂණය කරන ලද අපරාධ සහ හාස්‍යමය චිත්‍රපටයක් වන මෙය ගෞතම් එස්. විසින් ලියන ලැබ තිබේ.
මේ වසරේ දීපවාලි දින පුළුල් තිර ප්‍රදර්ශනයට කටයුතු යොදා ඇති මෙහි පූර්ව ප්රචාරක පටයද ඉතා ආකර්ෂණීය එකක් වී තිබේ.
රුපියල් කෝටි 200ක් වටිනා ස්වර්ණාභරණ සොරකම් කර පොලිසියෙන් පලා යන කුප්‍රකට සොරෙකු ගැන කියවෙන චිත්‍රපටයේ අනු එම්මානුවෙල් කාර්ති සමග ප්‍රධාන චරිත රඟපාන්නීය.