ජාවේඩ් අක්තාර් යනු ඉන්දියාවේ ජනප්‍රිය කවියෙකි. දෙවනුව බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය ගීත විශාල සංඛ්‍යාවක් සදාතන රසවින්දනයට ලියා තැබූ රචකයෙකි.
මෑතකදී ඔහු පැරණි ගීත අලුතින් රැප් අනුවාද සමග නිර්මාණය කිරීම සමග මෙසේ පවසා තිබිණි.
"එය හරියට ටජ්මහල තුළ ඩිස්කෝ සංගීතය තැබීම වැනියි." යනුවෙන් ඔහු පවසා තිබේ.
ප්‍රවීණ තිර රචකයෙකුද වන ජාවෙඩ් අක්තාර් ජනප්‍රිය චිත්‍රපට ගණනාවක ගී පද රචනා කර ඇති අතර අදාළ අදහස තවදුරටත් පැහැදිලි කරමින් ඔහු පවසා ඇත්තේ ගීතයක් නැවත නිර්මාණය කර ගායනා ගායනා කිරීම ගැටලුවක් නොවන නමුත්, එය ගීතයට ඍණාත්මක රසයක් එක් කරන බවයි.
කෙසේ වුවත්, මෙම අදහසේ සත්‍යතාව තීරණය කර හැක්කේ මෙම ගීත රස විඳින නව හා පැරණි රසිකයින්ටමය.