දෙවෙනි ඉණිම 2 දෙවැනි අදියරේ ජෙගන් හැටියට රඟපාමින් ප්රේක්ෂක ආදරය දිනාගත් ජී.කේ. රෙජිනෝල්ඩ් ඉරෝෂන් සිය චරිතය වන ජෙගන් පිළිබඳව සඳහන් කරමින් එම චරිතය පිළිබඳව ඇති කැමැත්ත ඉහළ බව පවසා තිබේ.
රෙජිනෝල්ඩ් පවසා ඇත්තේ ජෙගන්ට සිටිනවාක් වැනි පවුලක් තමන්ට සිටී නම් කියා ඔහු සෑම විටම අපේක්ෂා කළ බවය. තම ජීවිතයේ සියලු දේ පැවසිය හැකි සහෝදරියක්, මග පෙන්වන සහ මිත්රශීලී මවක් සිටී නම් කියා ඔහු හැම විටම ප්රාර්ථනා කළ බව රෙජිනෝල්ඩ් ප්රකාශ කරයි.