මෙවර නත්තල වෙනුවෙන් නිර්මාණය වූ වඩාත් ජනප්‍රියම මාතෘකාව රැගත් සිනමාපටයක් වන Journey to Bethlehem චිත්‍රපටය එළඹෙන 30 වැනිදා සිට සිනමාශාලා ප්‍රදර්ශනයට යොමු කෙරේ.
මෙහි තේමාව වන්නේ ජීවිතයේ අනුමාන කළ නොහැකි වගකීම් ගණනාවක් උසුලන තරුණියක් වන මේරිගේ (මරියාගේ) ජීවිතය ආශ්‍රයේ සිදු වන සුවිශේෂී සිදුවීම් ගණනාවකි.
ආදරය සහ ගෞරවය අතර මානසිකව දෙදරීමට ලක් වන ජෝසප් නම් තරුණයෙක්, කිරුළ රැකගැනීම වෙනුවෙන් පමණක්ම කටයුතු කරන හෙරොද් නම් ඊර්ෂ්‍යාකාර රජෙක් විවිධ හැඟීම් සමුදායක් සපයමින් චිත්‍රපටය තුළ ප්‍රේක්ෂකයාගේ හදවත් රඳවා තබා ගනී.
අතිශය සජීවී නත්තල් සංගීතයකට මග පාදන ගීතමය ජවනිකා, මරියා - ජෝසප්ගේ ජීවිත සහ ජේසුස්ගේ උපත පිළිබඳව කියන මෙම චිත්‍රපටය මෙතෙක් අත්විඳි කතා පුවත්වලට වඩා වෙනස් වනු ඇත.
ජනප්‍රිය නළු ඇන්ටෝනියෝ බන්ඩේරාස් ෆියෝනා පලෝමෝ, මිලෝ මැන්හෙයිම්, ලික්රායි ස්මෝල්බෝන් රංගනයෙන් දායක වන අතර ඇඩම් ඇන්ඩර්ස් අධ්‍යක්ෂණය කර තිබේ. ඕස්ට්‍රේලියාවේ සො පි සමාගමේ නිෂ්පාදනයකි.