ඉන්දීය තෙලිඟු සිනමාවේ ජ්‍යෙෂ්ඨතම නළුවකු වන චන්ද්‍ර මෝහන් ඊයේ (11) අභාප්‍රාප්ත විය.
මල්ලම්පල්ලි චන්ද්‍රසේකර රාඕ නමින් උපන් ඔහු සිනමාව තුළ ජන්ප්‍රිය වූයේ චන්ද්‍ර මෝහන් නමිනි.
ෆිල්ම්ෆෙයා ඇතුළු ඉන්දීය සම්මාන ගණනාවකට පාත්‍ර වූ ඔහු 1966 සිට 2017 දක්වා රඟපෑමේ නියැලුණ ජ්‍යෙෂ්ඨ නළුවෙකි.
ඔහුගේ අභාවය පිළිබඳව ශෝකය පළ කරමින් ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර සිං මෝඩිද නිවේදනයක් නිකුත් කර තිබේ.
"ශ්‍රී චන්ද්‍ර මෝහන් ගාරුගේ අභාවය ගැන බලවත් ශෝකය. ඔහු සිනමා ලෝකයේ ප්‍රදීපයක් විය. ඔහුගේ ප්‍රබල රංගනයන් සහ අද්විතීය චමත්කාරය පරම්පරා ගණනාවක් තිස්සේ ප්‍රේක්ෂකයින් විස්මයට පත් කළේය. ඔහුගේ නික්මයාම නිර්මාණ ලෝකයේ හිස්තැනක් පුරවා ගැනීමට අපහසු වනු ඇත. මගේ සිතුවිලි ඔහුගේ පවුලේ අය සහ ගණන් කළ නොහැකි රසිකයින් සමඟය. ඕම් ශාන්ති!" යනුවේන් අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.