කීර්තිමත් ගත්කතුවර ඩබ්ලිව්.ඒ. අබේසිංහයන්ගේ නවතම ග්‍රන්ථය එළිදැක්වීම අද (12) සවස සිදු විය.
'ආනන්දයෙන් ප්‍රඥාවට' වැනි පොත් ලියා තබමින් පාඨක මනස පහදන කතුවරයෙකු වූ ඔහු ගැන වටිනා සටහනක් කතුවරයෙකු සහ ජනමාධ්‍යවේදියෙකු වන බණ්ඩාර වැවගෙදර මහතා ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි පළ කර තිබිණි.
ආචාර්ය ඩබ්ලිව්.ඒ. අබේසිංහ යනු මාධ්‍යවේදියෙකු, සංස්කෘතික විචාරකයෙකු, කවියෙකු, ගීත රචකයෙකු සහ සමාජ විචාරකයෙකු ලෙස සිය ජීවිත කාලය තුළ පාඨකයා තුළ ගැඹුරු හැඟීම් නිමැවූවෙකු වන්නේය.
ඩබ්.ඒ. අබේසිංහ යනු මිනිස් චින්තනයෙහි මහලු නොවන මිනිසෙකි. ඔහුගේ අලුත්ම කෘතිය 'දේශ දේශාන්තරයෙහි'ය.