දකුණු ආසියාවේ විකාශය වූ දීර්ඝතම මාලා නාට්‍ය හෙවත් 'කෝපි කඩේ' පළමු කථාංගය 'බර්න් අයි' යූටියුබ් චැනලය විසින් පළ කරනු ලැබ තිබිණි.
1987 විකාශය ආරම්භ කළ මෙම මාලා නාටකය මේ දක්වා නොකඩවා ස්වාධීන රූපවාහිනියේ විකාශය වන අතර මෙහි ප්‍රධාන චරිත වන පොලී මුදලාලි, රත්නෙ ළමයා, කඩේ හාමිනේ, අබිලිං, බණ්ඩා, සුවඳා, අප්පුවා, ගජං, ඩිංගි මහත්තයා, සුගතං වැනි චරිත කිසිදා අමතක නොවන ඒවා වේ.
කෙසේ නමුත්, මෙම චරිත රඟපෑ බහුතරයක් මේ වන විට ජීවතුන් අතර නැති අතර ඒ හේතුවෙන් වරින් වර නාට්‍යයට එකතු වූ අලුත් චරිත සමග තවමත් නාට්‍යය නොකඩවා ඉදිරියට ගෙන එමින් තිබේ.