ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම සිනමා නිර්මාණය 'විහඟ ප්‍රේමය' (Peacock Lament) සිනමා පටය 54 වැනි ගෝවා අන්තර්ජාතික ඉන්දීය සිනමා උළෙල නියෝජනය කිරීම සඳහා නිර්දේශ වී ඇත.
මෙම සිනමා උළෙල ලොව ප්‍රධානතම සිනමා උළෙල කිහිපයෙන් එකක් ලෙස ලෝක ප්‍රජාවගේ ගෞරවයට පාත්‍ර වන අතර ආසියානු කලාපයේ ඉපැරණිම සිනමා උළෙලද වේ. මෙම ගෝවා සිනමා උළෙල නොවැම්බර් 20 සිට 28 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.
විහඟ ප්‍රේමය 35 වන ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළෙලේ විශිෂ්ටතම කලාත්මක සම්මානය හෙවත් Best Artistic Award පසුගියදා දිනා ගැනීමට සමත් විය.
පසුගිය වසර දහය තුළ මෙරට සිනමා කෘතියක් ලොව ඒ ශ්‍රේණියේ ජාත්‍යන්තර සිනමා උළෙලක ලද ප්‍රධානතම සම්මානය වන්නේද විහඟ ප්‍රේමය වෙනුවෙන් දිනාගත් මෙම සම්මානයයි.
ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළෙල ලොව ඒ ශ්‍රේණියේ සිනමා සම්මාන උළෙල කිහිපයෙන් එකකි.
සංජීව පුෂ්ප කුමාර විසින් ප්‍රථම වරට අධ්‍යක්ෂණය කරන ලද 'ඉගිල්ලෙන මාළුවෝ' (Flying Fish) සිනමා පටයද 2011 වර්ෂයේදී 42 වැනි ගෝවා සිනමා උළෙල නියෝජනය කළේය.
මෙරට සිදු වන බිළිඳු දරුවන් විදේශිකයින්ට අලෙවි කිරීමේ ජාවාරම පිළිබඳව විහඟ ප්‍රේමය චිත්‍රපටයට පාදකව ඇත.
ඊශ්‍රායලයේ පිහිටි ඇන්ටිපෝඩ් (Anti Pode) ආයතනය විහඟ ප්‍රේමය සිනමා පටය ලෝකය පුරා බෙදාහැරීම සහ අලෙවි කටයුතු බාර නියෝජිත ආයතනය ලෙස කටයුතු කරයි.
ජනප්‍රිය රංගන ශිල්පිනී සබීතා පෙරේරා දශකයකටත් වැඩි කලකට පසුව යළිත් සිනමා රංගනයට පිවිසෙන්නේ විහඟ ප්‍රේමය චිත්‍රපටයෙන් වන අතර ඇය මෙහි විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කර ඇත. සෙසු චරිත සඳහා අකලංක ප්‍රභාෂ්වර, ඩිනාරා පුංචිහේවා, ලෝරන්ස් අක්කු අවීවා, මහේන්ද්‍ර පෙරේරා, ළහිරු ප්‍රසාද්, අමිත්ත වීරසිංහ, ඩිස්නි රාජපක්ෂ, සංජීව දිසානායක, කුමුදු නිශාන්ත, මිලින්ද මඩුගල්ල, සම්පත් ශ්‍රී ජයසිංහ ඇතුළු පිරිසක් රංගනයෙන් දායකව ඇත.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සංජීව පුෂ්පකුමාර සහ අමිල් අබේසුන්දර නිෂ්පාදකවරුන් ලෙස කටයුතු කරන අතර ඉතාලියේ ෆිල්ග්‍රීම්ස් නිෂ්පාදන සමාගම වෙනුවෙන් ඇන්ඩ්‍රියා මැග්නානි සහ කියාරා බාර්බෝ විසින් කටයුතු කෙරෙයි. සම නිෂ්පාදනයෙන් සුරංග හඳපාන්ගොඩ, යුගන්ති යශෝධරා සහ සංගීතා නිල්නදී ගොඩගම දායකත්වය දක්වන අතර කැමරා අධ්‍යක්ෂණය - සිසිකිරණ පරණවිතාන, සම සංස්කරණය - අජිත් රාමනායක සහ ගුසෙපේ ලියොනොති, කලා අධ්‍යක්ෂණය මංජුල අයගම, ඇඳුම් නිර්මාණය අජන්ත අලහකෝන්, අංග රචනය - විදුර අබේධීර, ශබ්ද සංස්කරණය සහ සැලසුම - ලාල් දිසානායක සහ නන්දා නන්දි ජයකොඩි, සංගීත අධ්‍යක්ෂණය ක්‍රිස්ටියන් කාර්රාරාගෙනි.
'විහඟ ප්‍රේමය' ලබන ලබන වසරේ මෙරට තිරගත වනු ඇත.
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු