20 වන ජනාධිපති සිනමා සම්මාන උලෙළ අඟහරුවාදා (නොවැ: 14) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙවර ජනාධිපති සිනමා සම්මාන උලෙළ පැවැත්වුණේ වසර 3කට පසුව වන අතර 2019 සහ 2020 දෙවසර තුළ තිරගත වූ සිනමා නිර්මාණ වෙනුවෙන් සම්මාන පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.
2019 වසරේ තිරගත වූ චිත්‍රපට 30ක් සහ 2020 වසරේ ප්‍රදර්ශිත චිත්‍රපට 12ක් ලෙස චිත්‍රපට 42ක් පාදක කර ගනිමින්, රංගන හා කාර්මික ශිල්පීන් වෙනුවෙන් සම්මාන 44ක් සහ සාම්ප්‍රදායිකව පිරිනැමෙන විශේෂ සම්මාන 9ක් මෙහිදී පිරිනැමිණි.
එහිදී පිරිනැමුණු ප්‍රධාන සම්මාන සම්මාන මෙසේය.
2019 වසරේ හොඳ ම නළුවා - කමල් අද්දරආරච්චි (ගින්නෙන් උපන් සීතල)
2020 වසරේ හොඳ ම නළුවා - කුමාර තිරිමාදුර (ද නිව්ස්පේපර්)
2019 වසරේ හොඳ ම නිළිය - සමාධි ලක්සිරි (දැකල පුරුදු කෙනෙක්)
2020 වසරේ හොඳ ම නිළිය - නීටා ප්‍රනාන්දු (පාංශු)
2019 වසරේ හොඳ ම අධ්‍යක්ෂණය - අනුරුද්ධ ජයසිංහ (ගින්නෙන් උපන් සීතල)
2020 වසරේ හොඳ ම අධ්‍යක්ෂණය - විසාකේස චන්ද්‍රසේකරම් (පාංශු)
2019 වසරේ හොඳ ම චිත්‍රපටය - ගින්නෙන් උපන් සීතල
2020 වසරේ හොඳ ම චිත්‍රපටය - The newspaper
මෙහිදී, 2020 වසරේ හොඳ ම චිත්‍රපට පසුබිම් ගායනය වෙනුවෙන් ආචාර්ය නන්දා මාලිනීට හිමි වූ සම්මානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇය අසුන්ගෙන සිටි ස්ථානයට ම ගොස් පිරිනැමීම සුවිශේෂී සිදුවීමක් විය.
ෆේස්බුක් හි සටහනක් තබමින් සම්මාන උලෙළේ පුරකවරයෙකු ලෙස කටයුතු කළ ජනාධිපති උපදේශක සමන් අතාවුදහෙට්ටි පවසා තිබුණේ සම්මාන දීමේදී තමන් විසින් ක්ෂණිකව යෝජනා කරන ලද ඇරයුමකට ජනාධිපතිවරයා එකඟ වූ හෙයින් එලෙස එම සම්මානය පිරිනැමූ බවයි.