ඊලාම් සිනමාව යනු ශ්‍රී ලාංකික සිංහල ප්‍රජාව අතරේ පිළිගැනීමට ලක් නොවූ අංශයක් වුවත් යුද්ධයෙන් පසු මෙම ඊලාම් සිනමාවේ ක්‍රියාකාරීන් ඊලාම් මතය නියෝජනය කළ යුද නායකයින් මෙන්ම සිය ප්රගතිශීලී අදහස් සමගින් දේශීය සිනමාවේ තමන්ද එක් අංශයක් බව ප්‍රකාශ කළහ.
එහි මහා කලාකරුවකු හැටියට හැඳින්වෙන එරඹු අයියා නමින් හඳුන්වන සිනමාකරු එරඹු සිය ජීවන ගමනේ අවසානය පසුගියදා සනිටුහන් කළේය.
සිය මුත්තණුවන් වන අන්නාවි ගනපතිපිල්ලේගේ මඟපෙන්වීමෙන් කුඩා කලදීම කූත්තු නාට්‍ය කලාවට නැඹුරු වූ එරඹු මහතා ගීත නාට්‍ය, කාත්තරායන් කූත්තු, වේදිකා කූත්තු, විවිධාංගවල වේදිකා නාට්‍ය සඳහා දායකත්වය දැක්වූ එරඹු පසුකාලීනව සමාජ වෙනස්කම්වලට අනුගත වෙමින් ඊලාම් සිනමාවට දායකත්වය දීමට ඉදිරිපත් වූයේය.
ඔහු කළ නිර්මාණ ඇසුරේ ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදේශ වෙත සංක්‍රමණය වූ ජනතාව අතරද විශාල රසික සංඛ්‍යාවක් සිටින කලාකරුවෙකි එරඹු. තමිල්නාඩුවේ අධ්යක්ෂවරුන් වන මහේන්ද්‍රන්, භාරතීරාජා යනාදීන් විසින් ඇගයීමට ලක් කරනු ලැබූ එරඹු 1996දී මහේන්ද්‍රන්ගේ අධ්‍යක්ෂණයෙන් යුත් සිනමාපටයක රඟපා ඇත.
අද (19) ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.
යුද්ධයෙන් පසුව ඊලාම් සිනමාව නියෝජනය කරමින් හිඳ ජීවිතය රැකගත් අතලොස්ස අතරේ හිඳිමින් යුද්ධයෙන් පසුව පළමු සිනමාපටය නිමවූ කේසවරාජන් නවරත්නම්ගේ පුත් කේසවරාජන් පේරලන්ගේ සටහනකින් කළ උපුටාගැනීමකි. (කේසවරාජන්දා මීට වසර කිහිපයකට ඉහත හදිසියේ ජීවිතයෙන් සමුගත්තේය.)