නාට්‍ය කලාවට ඉමහත් දායකත්වයක් ලබා දෙමින් වේදිකා, ටෙලි, සිනමා මෙන්ම නිවේදන අංශවලට ඉහළ සේවාවක් කළ රම්‍යා වනිගසේකර මහත්මිය මේ දිනවල අසනීප තත්ත්වයෙන් පසුවන්නීය.
එහෙයින් මේ දිනවල ඇය දායක වන නිර්මාණ ඉතා අල්ප වන අතර ඇයට ඉක්මන් සුවය පතා ටොරානා ප්‍රධාන විධායක නිලධාරී කුමාර් කොතලාවල සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබිණි.
"හිතවත් රම්‍යා,
විටෙක ඔබ කැළණී පාලමෙි මැටිල්ඩා ලෙසින්ද, කන්දේ ගෙදර ලොකු හාමිනේ ලෙසින්ද,මැණික් නදියේ මිලී නෝනා ලෙසින්ද, ප්‍රතිභාව දැනවූ චරිතාංග නිළියක ලෙසින් මෙන්ම අතිදක්ශ ප්‍රවීණ නිවෙිදිකාවක ලෙසින්ද භාව පූර්ණ හඬකැවීම් ශිල්පිනියක ලෙසින්ද අපි සිත් තුළ සදා නොමැකෙන මතක රාශියක් ඉතුරු කොට ඇත. වර්තමානයෙහි සුළු අසනීප තත්ත්වයක් නිසා නිතර තිරයේ නොපෙනුනද ඔබගේ ඒ අමිල සේවය අපගේ මතකයේ සදා රැදෙනු ඇත. රටක් ජාතියක් කලාවෙන් නළවන, සනහන ඔබට, ඔබගේ අසනීප තත්ත්වය ඉක්මනින් සුව අතට පත්වේවායි තෙරුවන් සරණින් මුළුමහත් රසික ප්‍රජාව වෙනුවෙන් මා ප්‍රාර්ථනා කර සිටිමි."