ජනප්රිය ගායිකා දිල්කි උරේශාගේ අලුත්ම ගීතය 'හොඳම හමුවීම නමින් නිකුත් කර තිබේ.
"පැල්ලමක්වත් කිසිත් නොතියා
දිනෙක මා නුඹ මරා තිබුණා....
දැනෙන්නම මට ආදරේ දී
මඟින් නුඹ බැස ගිහින් තිබුණා....
මට නැතත් හෙට දිනේ - නුඹට මල් පිපේවා සෙනේ
අදත් මගේ මතකයේ - නුඹ හොඳම හමුවීමයි මගේ....//
අවසනට පෙර ඇරඹුමේදිම
ලියා අවසන් කරලා තිබුණා...
මුකුත් නොදැනිම මමත් ගං දිය
ඔහේ පහලට ගලා තිබුණා....
මට නැතත් හෙට දිනේ - නුඹට මල් පිපේවා සෙනේ
අදත් මගේ මතකයේ - නුඹ හොඳම හමුවීමයි මගේ... //
දැනුණ තැන්වල නොදැනුණා සේ
දැනෙන්නට ආදරේ දුන්නා....
නුඹෙන් විතරක් හිත පිරෙන්නට
හිත මගේ පොඩි ඇයිද ඇසුවා....
මට නැතත් හෙට දිනේ - නුඹට මල් පිපේවා සෙනේ
අදත් මගේ මතකයේ - නුඹ හොඳම හමුවීමයි මගේ... //
උදාර සමීර සංගීතවත් කර ඇති ගීතය සෙව්වන්දි වික්රමසිංහ මෙහි පද රචනා කර තිබේ.