ශ්රී ලාංකික ගීත ඉතිහාසයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මියගේ මුණුබුරා තිසර බණ්ඩාර සහ ඔහුගේ බිරිඳ ක්රිස්ටීනා ප්රනාන්දු මේ දිනවල ජනප්රිය චරිත දෙකක් වී ඇත්තේ තිසරගේ මුත්තණු සහ මිත්තණියගේ යුග ගීත යළි ගීත ගැයීමෙන් ඒ සඳහා නව ශ්රවණ රසයක් ඇති වී තිබීම හේතුවෙනි.
පැරණි ගීත ගැයීම එක් අතකින් ඕලාරික අත්දැකීමක් වී ඇති අයට ක්රිස්ටීනා අලුතින්ම ගයා සමාජ ජාල වෙත යොමු කළ ලතා වල්පොල මහත්මියගේ 'නමෝ මරියනි' ගීතය වඩාත් ආකර්ෂණීය ප්රතිචාර ලබමින් සිටී.