මේ වන විට 54 වැනි වියේ පසුවන ජෙනිෆර් ලෝපේස්ගේ අලුත්ම ගීත ඇල්බමය වන This is me ඇගේ ජීවිතය තුළ එළිදැක්වෙන නවවැනි ගීත ඇල්බමය ලෙස ඇගේ ගීත ඇල්බම අතරට එක් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
Nuyorican Productions සහ Rights Management විසින් 2024 පෙබරවාරි 16 දින මෙම ඇල්බමය නිකුත් කරනු ලැබීමට නියමිතය. ජෙනිෆර්ගේ 2002දී එළිදැක්වූ Then අනුප්රාප්තිකඇල්බමයක් හැටියට මෙය හඳුන්වා දීමට නියමිත අතර චිත්රාගාර ඇල්බම අතරින් ජෙනිෆර් එළිදක්වන තුන්වැන්නය. A.K.A. යනු 2014දී එළිදැක්වූ ජෙනිෆර්ගේ පළමු චිත්රාගාර ඇල්බමයයි.
පසුගිය දිනෙක This is me පළමු වීඩියෝව ජෙනිෆර් නිකුත් කළ අතර මීට දින දෙකකට පෙර ඇය එහි දෙවන වීඩියෝව නිකුත් කළය.
පසුගිය දශක දෙක තුළ තමන්ගෙ චිත්තවේගීය, අධ්‍යාත්මික සහ මනෝවිද්‍යාත්මක ගමනක් ලෙස ජෙනිෆර් මෙම ගීත ඇල්බමය ගැන ප්‍රකාශ කරයි. සිය ආදර ජීවිතයේ උසස් තත්ත්වය ගැන අවධාරණය කරමින් ජෙනිෆර් පවසන්නේ "මිනිස්සු හිතන්නේ ඔවුන් මට සිදු වූ සියල්ල ගැන, මා සමඟ ජීවත් වූ මිනිසුන් ගැන දන්නා බව. නමුත්, ඇත්තටම ඔවුන්ට ඒ ගැන අදහසක් නැහැ. එය බොහෝ විට වැරදියට තේරුම්ගෙනයි සිටින්නේ. ඒ කතාවල මගේ කොටසක් සැඟවී තිබෙනවා. මම දැන් ජීවිතේ යම් තැනක ඉන්නවා මගේ කොටසත් කිව හැකි." ජෙනිෆර් පවසන්නීය.
ජෙනිෆර්ගේ ගීත නිෂ්පාදන හවුල්කාරීන් සමග කටයුතු අවසන් වීමෙන් අනතුරුවයි ඇය සිය ටීසර්, ප්රචාරක පට සහ ඡායාරූප ඇගේ සමාජ ජාලවල (27) පළ කළේ.