ලියනගේ දොන් ලීනා පියසීලි ද සිල්වා නොහොත් ලීනා ද සිල්වා උපදින්නේ 1936 ඔක්තෝබර් 30 දිනදීය. ඒ කොළඹ මාලිගාකන්දේදීය. ඇය සිය අධ්‍යාපනය හැදෑරුවේ කෝට්ටේ ආනන්ද බාලිකාවේය. ඇයගේ පළමු සිනමා රංගනය වන්නේ අහංකාර ස්ත්‍රී වේ. එහිදී ඇයට ඇගේ සහකරු වූ රවීන්ද්‍ර රූපසේන මුණ ගැසේ. ඔහු සමග 1960දී විවාහ වන ඇයට දරුවන් දෙදෙනෙකි. බිමල් යෝගා ශ්‍රී පුතා සහ දියණිය පුර්ණා ප්රියදර්ශනිය.රවීන්ද්‍ර රුපසේන ඇයගේ දිවියෙන් සමුගන්නේ 1978 දී හෘදයාබාදයක් හේතුවෙනි.
ලීනා ද සිල්වා ශ්‍රී ලාංකේය සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ සිය රංගන දක්ෂතා විදහා දැක්වීය. ශ්‍රී ලාංකේය සිනමාවේ ආදිතම කුළුණු අතුරින් එකක් වන ද සිල්වා දශක හයකට වැඩි කාලයක් පුරා දිවෙන වෘත්තීය ජීවිතයක් සමඟින් ඇගේ පරම්පරාවේ විචාරක ඇගයීමට ලක් වූ චිත්‍රපට රැසකට දායක වී ඇත.
ලීනා සහ රවීන්ද්‍ර චිත්‍රපට කිහිපයකම එකට රංගනයේ යෙදුනි. සහෝදරයෝ, සුන්දර බිරිඳ, සුරතලී, සුනීතා, නළඟන ඒ චිත්‍රපට අතර වඩා ජනප්‍රිය චිත්‍රපට වේ.
රවීන්ද්‍රගේ අභාවයෙන් පසු ලීනා වේදිකා රූපවාහිනී නිර්මාණවලට දායක වූ අතර ඇය සියලු කටයුතුවලින් ඉවත්ව 1991 කැනඩාවේ සිය දරුවන් සමග ජීවත් වෙන්නට ගියාය.
ලීනා ද සිල්වා දශක ගණනාවක් ලංකාවේ බොහෝ රසිකයින්ගේ ආදරය ගෞරවය දිනා සිටි රංගන වේදිනියකි. ඇය මිය යන විට 87 හැවිරිදිය. ඇගේ අවසන් කටයුතු ඇගේ දරුවන් වෙසෙන ඔන්ටාරියෝහිදී සිදු කෙරෙනු ඇත.
ඇයගේ අභාවය පිලිබඳ මිරර් ආර්ට්ස් සංවේගය මෙසේ සටහන් කරමු!