"ජීවිතේ මතක පොත පෙරළා
ආදරේ ගිලිහුණු අකුරු අමුණා
යළි හැරී බලන විට
අපි පමා වැඩිද මන්දා...."
'අනන්තයට යන පාර දිගේ' ගීතය නිර්මාණය කරන්නට දායක වූ කසුන් කල්හාර - ඉන්ද්රචාප ලියනගේ සහ චරිත් සේනාධීර සංයෝගයේ තවත් අපූරු නිර්මාණයක් වන 'ජීවිතේ මතක පොත' මීට මාස 10කට පෙර කසුන්-චාපා දෙපල විසින් පසුගිය පෙබරවාරි 19 වැනිදා පැවැත්වූ 'අනන්තයට යන පාර දිගේ' සංගීත ප්රසංගයේදී මුල් වරට ගායනා කෙරිණි.