තම සිහින විවාහ මංගල්‍යය පැවැත්වූ බොලිවුඩ් තාරකා අතරින් පරිනීති චොප්රාද පසුගිය සැප්තැම්බර් මාසයේදී එකී සිහිනය සැබෑ කරගත් තාරකාවක් වේ.
ඉන්දියාවේ දේශපාලන භූමිකාවක් වන රාගව් චඩා සමඟ විවාහ වූ පරිනීති රිදී තිරය තුළ එතරම්ම කාර්යබහුල නිළියක් නොවූවත් සමාජජාල තුළ ඉතා සක්‍රීයව කටයුතු කරන තාරකාවකි.
විවාහයෙන් අනතුරුව පෙර පරිදිම පරිනීති සිනමාවේ කාර්යබහුල වේවිද යන රසික විමසීම්වලට ඇය මේ වන විට ප්‍රතිචාර දක්වමින් සිටින්නී ඉන්දීය විවාහක කාන්තාවක ලෙස එම ජීවිතයට ප්‍රමුඛතාව දීම හොඳම දෙය යැයි විස්තර කරන්නීය.
ඈ ගැන පැවසෙන ආරංචි අනුව දේශපාලනයට ඒමට ඉඩ ඇති බව කියන කටකතා ගැන පරිනීති පසුගිය දිනෙක 'ටයිම්ස් ඔෆ් ඉන්ඩියා' සමග පවසා තිබුණේ විවෘත අදහසකි.
ඇගේ සැමියාගේ මැදිහත්වීම මත පරිනීති දේශපාලනයට එළඹෙන්නේද යන පැනයට ප්‍රතිචාර දක්වමින් පවසා තිබුණේ "ඔහු බොලිවුඩය ගැන කිසිවක් දන්නේ නැහැ. මම දේශපාලනය ගැන කිසිවක් දන්නේ නැහැ. ඒ නිසා මම දේශපාලනයට එන බවක් ඔබට දකින්නට ලැබෙන එකක් නැහැ යනුවෙනි"
නිතර සිය සැමියා සමග පළ කරන ඡායාරූප සහ වීඩියෝ කෙරෙන් සමාජ මාධ්‍යවල සහ ප්‍රසිද්ධියේ පෙනී සිටිනු ලබන පරිනීති ඒ ඔස්සේ ප්‍රසිද්ධියේ සිය ආදරය ප්‍රකාශ කිරීමද සාමාන්‍ය එකකි.
"හරි කෙනා එක්ක ඉන්නවා නම් හොඳම විවාහ ජීවිතය කියලා මට හිතෙනවා. මගේ 'රගායි', ඔබ දෙවියන් මට දුන් හොඳම තෑග්ග! ඔබේ මනස සහ බුද්ධිය මා පුදුමයට පත් කරයි. ඔබේ වටිනාකම්, අවංකභාවය සහ විශ්වාසය මට වඩා හොඳ මිනිසෙකු වීමට අවශ්‍ය කරයි. පවුල කෙරෙහි ඔබේ කැපවීම මට සෑම දිනකම ආශීර්වාද ගෙනෙයි." එවැනි වදන්වලින් පරිනීති වරක් සිය සැමියාගේ උපන්දිනයට සුබ පතා තිබිණි.