සෑම් බහදූර් හැටියට හඳුන්වන සෑම් මනේක්ෂෝ ඉන්දීය හමුදා සෙබලාගේ චරිතය ඇසුරින් නිකුත් කළ 'සෑම් බහාදූර්' චිත්‍රපටය මේ වන විට ඉන්දියාවේ සාර්ථක ලෙස තිරගත වේ. එහි තිබෙන 'ඉත්නී සි බාත්' ගීතයේ පළමු වරට එකට පෙම් යුවලක් ලෙස රඟපාන විකී කෞෂාල් සහ සාන්යා මල්හෝත්‍රාගේ ගැලපීම මනාව සනිටුහන් කරයි.
ඉන්දියාවේ පළමු ෆීල්ඩ් මාෂල්වරයා වන සෑම් මනේක්ෂෝ ලෙස විකී කෞෂාල් රඟපාන අතර එවකට සිටි දේශපාලන පෞරුෂයක් වන ඉන්දිරා ගාන්ධි ලෙස මෙහි ෆාතිමා සනා සහ සැම් මනේක්ෂෝ බිරිඳ ලෙස සාන්යා මල්හෝත්‍රාද පෙනී සිටියි.
2018 'රාසි' චිත්‍රපටයෙන් පසුව මේඝ්නා ගුල්සාර් සහ විකී කෞෂාල්ගේ දෙවැනි චිත්‍රපටයයි. ෆීල්ඩ් මාෂල් සෑම් මනේක්ෂෝගේ චරිතය නිරූපණය කිරීම තමන්ට විශාල ගෞරවයක් සහ විශාල වගකීමක් වන බව කියන විකී කෞෂාල් මෙම චරිතය රඟපෑවේ ඉතා ගෞරවයෙනි.
"ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ වීරයකු තිරය මතට ගෙන ඒමට අපි අපේ හදවත් පුරවාගෙන සිටිමු. ඉතා ප්‍රබෝධමත් වන මෙම ව්‍යාපෘතියේ කොටස්කරුවෙකු වීමට ලැබීම ගැන මම නිහතමානීව සතුටු වෙමි." එම දිනවල විකී කළ ප්‍රකාශයකි.