රන්බීර් කපූර්, අනිල් කපූර්, රශ්මිකා මන්දනා, බොබී ඩියෝල්, ට්රිප්ටි දිම්රි රංගනයෙන් දායක වන Animal චිත්රපටය දින 12ක් තුළදී ඉන්දීය රුපියල් කෝටි 400ක ශුද්ධ ආදායමක් ලබා තිබේ.
ජනප්රිය තෙලිඟු සිනමා අධ්යක්ෂක සන්දීප් රෙඩ්ඩි වන්ගා විසින් අධ්යක්ෂණය කරන ලද Animal චිත්රපටය ඊයේ (12) චිත්රපටය තිරගතවීම ඇරඹි දෙවන අඟහරුවාදා වන විට මෙම සාර්ථක තත්ත්වයට පත් විය.
මීට පෙර ඉන්දියාවේ භාෂා කිහිපයකින් එළිදැක්වූ චිත්රපටවලින් හින්දි භාෂාවෙන් රුපියල් කෝටි 400කට වඩා වැඩි ආදායමක් උපයා ඇත්තෙ බාහුබලී 2, KGF 2, පතාන්, ජවාන් සහ ගදර් 2 පමණි. එහෙයින් Animal ජයග්රහණ ඉතා සුවිශේෂී වේ.
චිත්රපටයේ මෙම සාර්ථකත්වය රන්බීර්ගේ සුපිරි තරු ප්රතිරූපය තහවුරු කිරීම සඳහා ඉදිරි තේරීම් කෙරෙහි අතිශයින් තීරණාත්මක වනු ඇත.
නත්තල් සමයේ නිකුත් කිරීමට නියමිත ඩන්කි සහ සලාර් සමඟින් Animal සඳහා මෙම තත්ත්වය දෙසැම්බර් 21න් පසුව අභියෝගාත්මක විය හැකි වුවත් රුපියල් කෝටි පන්සියයක ඉලක්කයක් සඳහා Animal බලාපොරොත්තු තබාගත හැකිය.