ඉන්දියාවේ ජනප්‍රියම ළමා සංගීත තරඟාවලිය වන 'සරිගමප ලිට්ල් චෑම්ප්' තරඟාවලියේ කීර්තිමත් ජයග්‍රාහිකාව වූවාය.
අවසන් තරඟාවලියට සහභාගි වූ තිදෙනෙකු අතරින් ඇය මෙම ජයග්‍රහණය ලබා ගත් අතර ඇයගේ මෙම ජයග්‍රහණය ලංකාවෙන් පිටස්තර රටවල කටයුතු කරන ලාංකික කලාකාරයින් මෙන්ම රටටද කීර්තියක් ගෙන දෙන්නකි.
ඇය ශ්‍රී ලාංකිකයකු ලෙස ලැබූ ජයග්‍රහණය සුවිශේෂී එකක් වන්නේ යුද සමය, පශ්චාත් යුද සමයේදී වඩා පීඩාවට ලක් වූ උතුරුකරයේ රට හැර යාමෙන් අනතුරුව ගොඩනැගුණු කලාකාරුවන් වෙනුවට එම වකවානුව පසුකරමින් එහිම හැදෙමින් ලැබූ මෙම ජයග්‍රහණයයි. අනෙක් අතට ලාබාල දැරියක වන ඇගේ ජයග්‍රහණය බොහෝ දෙනෙකුට ආදර්ශයකි.
යාපනයේ පදිංචිකාරිනියක වන කිල්මිශා චුන්ඩිකුලි බාලිකා විදුහලේ 09 වන ශේණියේ ශිෂ්‍යාවකි.
සරිගමප වැඩසටහනට සහභාගි වූ කේ. අශානි සහ කිල්මිශා ගායිකාවන් වෙත ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ දෙකක ප්‍රදානයක් කිරීමටද මීට පෙර උතුරු පළාතේ තරුණ ව්‍යාපාරිකයකු කටයුතු කළ බවද මීට පෙර සී ටැමිල්හි විකාශය කෙරිණි.