දකුණු ඉන්දීය සිනමාවේ සුන්දරතම නිරූපණ හා රංගන ශිල්පිනියක් වූ නිළි රම්බා ශ්‍රී ලංකාවේ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් පැමිණ සිටියාය.
රම්බා යනු 90 දශකයේදී දෙමළ සිනමාව තුළ කැළඹීමක් ඇති කළ තවමත් විශාල රසික පිරිසක් සිටින නිළියකි. අනෙකුත් නිළියන්ට සාපේක්ෂව එවකට වටිනාකමක් හිමි වූ සිහින් සිරුර වෙනුවට පිහිටි මධ්‍යස්ථ ශරීරයත් රම්බාගේ ආකර්ෂණ සහ විශේෂත්වය වැඩි කළ ලකුණකි. එදා පටන් දෙමළ ඉන්දීය සිනමා ප්රේක්ෂකයන්ගේත් රම්බා නැරඹූ බොලිවුඩ් රසිකයින්ගේත් කැමැත්ත තවමත් දිනාගෙන සිටින රම්බා මේ වන විට සිය පෞද්ගලික ජීවිතය වෙනුවෙන්ම කාලය වැය කර සිටින්නීය. එසේ වුවද රම්බා සිහි කරන ගීතයක්ද මෑතකදී දකුණු ඉන්දියාවේ පසුගිය කාලයේ නිකුත් කර තිබිණි.
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගොවිපල නිවාසයක් (ෆාෆ් හවුස්) වන රීචාහිද රම්බා ඇතුළු පවුල නවාතැන් ගෙන තිබුණ අතර අයට ශ්‍රී ලංකාව තුළ කිසිදු වෙනසක් නොදනුණ බව ඇය එහිදී සඳහන් කර තිබිණි.