'සුදු ඇත් පොව්වෙක්' නිරෝශා විරාජිනී ගායනා කරන ගීතයේ සැබෑ කතාව ගායිකාව විවාහ වීමටත් ප්‍රථමයෙන් ආ බලාපොරොත්තුවත් තමන්ගේ බිරිඳ දරු ප්‍රසූතිය සඳහා පිටත්ව යාමේ නොසන්සුන් මොහොතතත් බව ප්‍රවීණ ගේය පද රචක බන්දුල නානායක්කාරවසම් මහතා පවසයි.
එම ගීතය පිටුපස ඉතා සංවේදී කතාවක් ඇති බව ප්‍රකාශ කෙරෙන ඔහුගේ 'රෑ ඉරපාන' ප්රසංගයේදී කළ ඉදිරිපත් කිරීමද ඇතුළත් රංගන සිල්වාගේ වැඩසටහනක් වන 'හිත ඉල්ලන තරු' වැඩසටහනද පළ කරමින් ගේය පද රචකයා මෙම හෙළිදර්ව්ව කර තිබේ.
මීට වසර දෙකකට උඩදී ඔහු මෙම වීඩියෝව පළ කර තිබේ.
සාමාන්‍යයෙන් සින්දු ලියපු දවස පාඩම් නෑ , ඒ වුනාට 'සුදු ඇත් පොව්වෙක් ' මම ලීවෙ හරියටම 1999 ජූලි මාසෙ 01 වෙනිදා
මා සිටියෙ ජයවර්ධනපුර රෝහලේ වාට්ටු අංක එකේ !
ලොකු දුව ත් ගත්තෙ සිසේරියන් සැත්කමකින් .. මෙයත් දෙවෙනියත් එහෙමයි
සුභාෂිනි ව හෙට තියෙන ශල්‍ය කර්මයට අද ටෙස්ට්ස් වලට එක්ක ගිහින් ! කාමරේ මළ පාළුයි . කිසිකෙනෙක් නෑ ... එකපාරටම නිරෝෂා මොබයිල් එකෙන් .. එයා නැලවි නැලවි කියනවා
" මට ගැබ්බර අම්ම කෙනෙක් විධියට , සුදු ඇඳල , වැස්සක , මහා කන්දක් උඩක තෙමි තෙමි සිංදුවක් ඕනෙ අයියෙ "
" මං ඉන්නෙ කොහෙද කියල දන්නවද ?"
මම කල්පනාවට වැටුන .. දොස්තර හේමන්ත පෙරේරා ඇතුළු මොනතරම් අය කීවද බලාගනින් දුවෙක්ද පුතෙක්ද කියල .. ඉන්නෙ දුවෙකනේ ! මට ඕනේ නෑ ! ඒත් සුභාෂිනි කියනවා උදර රැළි පෙන්නලා " මූ නං දගයෙක් .. කොල්ලෙක් වෙන්නැති "
" මට ඕනේ දරුවෙක් , දුවෙක් පුතෙක් නෙමේ මොන විධියට ආවත් භාර ගත යුතු දරුවෙක් "
අඳුරු සිතුවිලි .. සුභාශිනිට අමාරු වෙයිද ? හිත වෙනස් කරගන්න ලියන්න ගත්ත සිංදුව
"හංකිති කවමින් කුස තුළ සක්මන් කරනා - නුඹ දඟයෙකු වේදැයි නිකමට මෙන් මට සිතෙනා "
" නුඹ දුවක වුනත් මට පුතෙකු උනත් මා නුඹට පුදන්නේ වෙනසක් නැති එක ආදරයයි "
මේ පාර විතරක් නෙමෙයි නිරෝෂා කීප විටක් ම මා දුටුවා තිරයෙ අඬනවා ..
නිරෝෂා මම ඇඩුවෙ මේ සිංදුවෙ තනු දාන්නත් කලියෙන් !
නිරෝෂා දැන් කඳුළු පිහිදාගන්න !
ඔබටත් මව් පදවිය ලැබෙයි
අඬන්න එපා