2019 වර්ෂයේදී එළිදැක්වුණු ඔස්කාර් සම්මානිත 'පැරසයිට්' චිත්‍රපටයේ රඟපෑ දකුණු කොරියානු නළු ලී සුන් ක්යුන්ගේ සිරුර සෝල්හි උද්‍යානයක මෝටර් රථයක් තුළ තිබියදී සොයා ගෙන ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලීගේ මරණය සියදිවි නසාගැනීමක්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැති නමුත්, ඔහු සිය නිවසින් පිටව ගොස් ඇත්තේ ලිපියක් ලියා යැයි එරට පොලිසිය සඳහන් කරයි.
48 හැවිරිදි ලී සුන් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වී සිටි බවද වාර්තා වේ.