සිය මිත්තණිය වන සිංහල ගීත කලාවේ කෝකිලාවිය නම් විරුදාවලි ලත් ලතා වල්පොල මහත්මිය සනීපෙන් සිටින අතර ඇයට කිසිදු තීරණාත්මක සැත්කමක් කර නොමැති බව සංගීත සහ ගායන ශිල්පී තිසර බණ්ඩාර අවධාරණය කරයි.
අන්තර්ජාල මාධ්‍යකරණයේ නියැලෙන ඇතැමෙකු විසින් කරන ලද අසත්‍ය ප්‍රචාර හේතුවෙන් සිදු වූ අපහසුතාව තිසරගේ මෙම සටහනින් ඔහු පෙන්වා දී තිබේ.
කිසිවෙකුගේ අසනීප තත්ත්වයක් ගැන සැබෑ ප්‍රවෘත්තියක් වන්නේ නම් එය තහවුරු කර පළ කිරීමට මාධ්‍යයට හැකියාව තිබිය යුතු අතර ප්‍රසිද්ධිය වෙනුවෙන් මෙසේ කිරීමෙන් කලාකරුවන් හෝ සාමාන්‍ය වෙනත් මිනිසෙකුට හෝ වන අපහසුතාව වටහා ගැනීමත් නිවැරදි භාවිතාවකට යොමු වීමත් වගකිව යුතු මාධ්‍යයක ස්වභාවයකි.
තිසරගේ සටහන එහෙයින් අපි මෙසේ පළ කරමු.
"ආච්චි ඉතාමත් සනීපෙන් සතුටින් ගෙදර ඉන්නවා. එයා අසනීපෙන් ඉන්නෙ, තීර්ණාත්මක සැත්කමක් කරා කියලා යන ප්‍රචාරය පට්ට පල් බොරුවක්. මිනිස්සුන්ව කලබල කරලා වීව්ස් ගන්න Youtube Channel කරනවට වඩා නම්බුකාරයි පාරේ ලේන්සුවක් දාගෙන හිඟා කෑවනම්. බොරු ප්‍රචාරවලට අහු වෙන්න එපා. ස්තුතියි