ළමුන්ට අගයක් දීම සහ කලාව කෙරෙහි ඔවුන්ගේ විඳීම සහ නිර්මාණකරණය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව මෑත කාලයේ කොතෙකුත් සාකච්ඡා කළද ඒ සම්බන්ධයෙන් පැහැදිලි දැක්මක් නිසි ලෙස නොලැබෙන බවක් දක්නට ලැබේ.
වෛද්‍ය නදී දිසානායක විසින් සකසන ලද මෙම ලිපිය එම ගැටලු හඳුනාගැනීමටත් ළමා නිර්මාණා සහ ගීතවල නොදන්නා කරුණු දැනගැනීමටත් බෙහෙවින් ඉවහල් වන හෙයින් සම්පූර්ණ ලිපිය පසුව පළ කිරීමේ බලාපොරොත්තුවෙන් ඇගේ ලිපියෙන් කොටසක් මෙසේ පළ කරමු.
ළමුන් සඳහා විශේෂයෙන් නිමවන ලද ගීත ළමා ගීත යැයි අපි හඳුන්වමු. ගීතයක් ලිවීමේදී අවධානය දිය යුතු යම් නිර්ණායකයන් හැඳින්වීමේදී සංකීර්ණ, ගැඹුරු වචන, අදහස් සහ තනු වඩාත් සුදුසු වන්නේ වැඩිහිටියන්ටය.
ළමා ගීතවල ප්‍රධාන පොදු සාධක තුනක් තිබේ. පහසුවෙන් ඒවා තේරුම්ගත හැකි විය යුතුය. නර්තනයේ යෙදෙමින් සහ ක්‍රියාකාරකම් පෙන්වමින් කිරීමට සහ ඒ සමග ගැයීම පහසු වීම එහිදී ප්‍රධානය.
ගීතයක් ඉගැන්වීමෙන් නව කුසලතාවක්, අලුත් වචන, ක්‍රියාකාරකම් සහ වදනය කිරීමට හැකියාව ලැබේ.