සිය ගීත ඇල්බමය 'කෙල්ල' සැකසෙන්නේ තමන්ට මෙන්ම තමන්ගේ මිතුරියන්ට සහ බොහෝ තරුණියන්ගේ අත්දැකීම් මත පදනම්ව බව යොහානි පවසන්නීය.
ශ්‍රී ලාංකික අනන්‍යතාව තහවුරු කිරීම පිණිස මෙම ඇල්බමය එළිදක්වන බව ඇය ප්‍රකාශ කළාය.
'මැණිකේ මගේ හිතේ' ගීතයෙන් ලොවක් හඳුනාගත් යොහානි ඉන්දියාවේ ජනප්‍රිය වීමට පෙර යොහානි ඒ සඳහා බෙහෙවින් වෙහෙස මහන්සි වූ බව පැවසේ.
සුප්‍රකට 'කෝනාර ව්ලොග්' සමග පැවති සංවාදයකදී යොහානි සහ ඔහුගේ කළමනාකරු ලෙස කටයුතු කරන ඩිලංජන් විසින් මේ බව ප්‍රකාශ කෙරුණි.
ඉන්දියාවේ තරඟකාරීත්වය ඉතා වැඩි බවත් කටයුතු කිරීමේදී ඉතා වේගයෙන් කළ යුතු බවත් යොහානි ප්‍රකාශ කළාය.