ජනප්රිය රංගන ශිල්පිනියක් ඊයේ (09) දින කුළී රථ ඇණවුමක් කිරීමෙන් පසුව ඇගේ ගමන අතරමගදී එහි සිටි රියදුරු විසින් ඇයට අතවර කරනු ලැබීමට ගත් උත්සාහයක් ගැන පිළියන්දල පොලිසියට පැමිණිලි ලැබී තිබේ.
මෙහිදී ඇයට අතවර කිරීමට උත්සාහ දරා ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අනුයුක්තව කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයෙකු වන නීතිඥවරයකු වන තැනැත්තකු වන බව පරීක්ෂණවලදී අනාවරණ කරගෙන තිබේ.
මෙම රියදුරා තමන් උත්සාහ දැරූ අනාචාරී ක්රියාවට පසුතැවෙනු හෝ සමාව ඉල්ලීම වෙනුවට රංගන ශිල්පිනියගේ බෑගය සොරාගෙන යෑමට පවා කටයුතු කර තිබෙන අතර අද දහවල් වනතුරු එම බෑගය පවා හමු වී තිබුණේ නැත.
සමාජය කාන්තාවට, දරුවන්ට මෙන්ම ඕනාම අයකුට නිදහස් සහ නිවහල් විය යුතු බව අප තරයේ විශ්වාස කරන අතර අපගේ පිළිගැන්ම එය වුවත් මෙවැනි සොරුන්, අසහනයෙන් පෙළෙන රෝගීන් මෙන්ම නොයෙකුත් වේෂයෙන් පසු වන වංචාකාරීන් පිළිබඳව ඇති අවිනිශ්චිතකම සමාජය ගැන බියජනක හැඟීම් ඇති කිරීම රජයකට පවා අපොහොසත් කාරණයක් වීම සැබවින්ම කනගාටුදායකය.