දෙවික් ගුණසේකරගේ 'ප්‍රේමියේ ඔබ නිසා' රසවත් පද මාලාවකින් සමන්විත අලුත්ම සිංහල ගීත අතරට එක් වූ ගීතයකි.
උමා අසේනි පද රචනා කළ, තනු සැකසීම දෙවික් ගුණසේකර සහ සංගීත සංයෝජනය ළහිරු ඩී කොස්තා සිදු කළ ගීතය සුන්දර වීඩියෝ කාතංගයකින්ද සමන්විතය.
මා ජීවිතේ...
පෙරමං කියූ තරු මල් පවා සැඟවෙද්දී
සංසාරයේ
හුරුවෙන් වගේ සෙවනැල්ල වූ මනමාලී
මා සුහදිනී...
පෝය හඳ වාගේ හිනැහී තුරුල් වී
ජීවිතේ සිසිළ සදනා
ප්‍රේම යහනාවේ මල් පියලි අතුරා
ස්නේහ නැළවිල්ල ගයනා
හීන ගංගාව උතුරා විඳි වේදනා වියැකිළා
ප්‍රේමියේ ඔබ නිසා
තාම දඟකාර හුරතල් කිරිල්ලී
ආදරේ අරුත පහදා
නේක කඳුළැල්ද හසරැළ්ද උහුලා
ජීවිතේ පාර කියනා
හීන ගංගාව උතුරා විඳි වේදනා වියැකිළා
ප්‍රේමියේ ඔබ නිසා