ඉන්දියාවේ 'ලේඩි සුපර්ස්ටාර්' විරුදාවලි ලත් නිළි වන නයන්තාරාගේ නවතම චිත්රපටය වන Annapurni; The Goddess of Food චිත්රපටය ජිහාද් හිතවාදය ප්රවර්ධනය කරන බව පවසමින් මුම්බායිහි එල්ටී මාර්ග් පොලිස් ස්ථානයේ FIR ගොනුවක් කිරීමෙන් අනතුරුව ඉහළ ගිය හින්දු ආගමිකයින්ගේ බලපෑම් හමුවේ එම චිත්රපටයේ ප්රවර්ධනය සහ නැරඹීමට ඇති ඉඩකඩ වළකාලීමට 'නෙට්ෆ්ලික්ස්' ආයතනය කටයුතු කර තිබේ.
'අන්නාපූර්ණි'හි නයන්තාරාගේ රඟපෑම් මෙන්ම අනෙක් නළුවන්ගේ දායකත්වයද බොහෝ දෙනෙකු විසින් අගය කරනු ලැබුවද චිත්රපටයේ ඇතැම් අවස්ථාවලදී ජිහාද් හිතවාදී අදහස් ප්රකට කරන බව චෝදනාවල සඳහන් වී තිබිණි.
මීට අමතරව ඉන්දියාවේ විරෝධතා පැවැත්විණි. විශ්ව හින්දු පූජකයින් සහ තවත් පාර්ශ්ව කිහිපයක් ඊට දායකත්වය දී තිබිණි.
'ආහාරයේ දේවතාවිය' නම් තේමාව සහිත නිමවුණ චිත්රපටයේ සූපවේදියෙකු වීමට අපේක්ෂා කරන නයන්තාරා නිරූපණය කරන නයන්තාරාගේ චරිතය සැකසී ඇත්තේ සාම්ප්රදායික හින්දු පවුලකට අයත් වන පූජකයෙකුගේ දියණියක වශයෙනි. නමුත්, නිර්මාංශික වන ඇගේ පවුලේ වටපිටාව මගහැර ඇගේ සිහින වෙනුවෙන් නිර්මාංශ නොවන ආහාර පිසීමට සිදු වීමත් එහිදී අනපේක්ෂිත බරපතල අභියෝග ඇය ජයගෙන සාර්ථක සූපවේදිනියක වීමත් චිත්රපටයේ පෙන්නුම් කරයි.
ගොනුවට අනුව පිටුවහල්ව සිටියදී රාම, ලක්ෂ්මන් සහ සීතා දේවිය මස් අනුභව කළ බව චිත්රපටයේ අන්නාපූර්ණිගේ පෙම්වතා වන ෆර්හාන් විසින් (ඉන්දීය නළු ජායි) සඳහන් කරනු ලැබීම වාල්මිකීගේ රාමායණය වැරදි ලෙස අර්ථකථනය කිරීමක් හැටියට සඳහන් කර තිබේ. තවද, නයන්තාරාගේ චරිතය බුරියානි පිසීමට පෙර නමාස් කිරීමත් (ආහාර පිසීමේදී කරන මුස්ලිම් අනුගමනයකි) මතභේදයට තුඩු දී තිබිණි.