ඉන්දියාවේ චිත්‍රපට පසුබිම් ගායිකාවක මෙන්ම තනු නිර්මාණය කරන්නියක්, නර්තන ශිල්පිනියක් සහ රංගනයේද් නියැලෙන සිතාරා ක්‍රිෂ්ණමූර්ති ඉන්දීය ගීත කලාවේ මෙන්ම රටේද සලකුණක් වන ඒ.ආර්. රහ්මාන්ගේ උපන්දිනය වෙනස් ආකාරයෙන් සිහිපත් කළාය.
ඒ රහ්මන්ගේ රසවත් ගීත ගණනාවක් යළි ගැයීමෙනි.
'තාල්' චිත්‍රපටයේ අනුරාධා ශ්‍රීරාම්, සුජාතා, සෝනු නිගම් සහ ඒ.ආර්. රහ්මාන් ගයන ඉෂ්ක් බිනා, රෝජා චිත්‍රපටයේ මින්මිනි ගයන චින්න චින්න ආසෛ, මනිසරා කනව් චිත්‍රපටයේ උන්නි මෙනන්, කේ.එස්. චිත්‍රා, ස්‍රීනිවාස් ගයන මන මදුරෛ ගීතය, මුතු චිත්‍රපටයේ මනෝ, සුජාතා මොහාන් ගයන තිල්ලන තිල්ලන ගීතය, මුදල්වන් චිත්‍රපටයේ ශංකර් මහදේවන්, කවිතා ක්රිෂ්නමූර්ති ගයන උප්පු කරුවාඩු ගීතය, සංගමම් චිත්‍රපටයේ ශංකර් මහදේවන් ගයන වරහා නදිකරෛ ගීතය ඇය ගායනා කළාය.
සංගීත සැපයුම ශ්‍රීනාත් නායිර්, ලිබෝයි ප්‍රේස්ලි ක්රිපේශ්, විජෝ ජොබ්, අජේ ක්‍රිෂ්ණන්, මුදුන් පෝල් විසින් සිදු කරනු ලැබ තිබේ.