ගාමිණී හේමචන්ද්‍ර යනු වේදිකා නාට්‍ය ආලෝකකරණ ශිල්පියෙකි.
සරල නාමයෙන් නාට්‍ය ක්ෂේත්රයේ ඔහු හඳුන්වන්නේ 'ලයිට් ගාමිණී' නමින් වේ. සිය ජීවිත කාලය තුළ අඩසියවසක් ඔහු වැය කළේ වේදිකා නාට්‍ය අලෝකකරණය වෙනුවනි.
ලා හිරු දහසක් ජාතික රූපවාහිනියේ විකාශය වූ නාට්‍යයේ සිට රතු හැට්ටකාරි, විකෘති, රාමායණය, සිරිසඟබෝ, හිට්ලර්, ශ්‍රී වික්‍රම, සාරංගා නැවෙන් ඇවිත් වැනි නාට්‍ය ආලෝක කරමින් මේ දක්වා සිය කාර්යයේ නියැලෙන ගාමිණී හේමචන්ද්‍රගේ වෘත්තීය දිවියට මේ වන විට අඩසියවසක් සපිරේ.
ආලෝකකරණයේ නියැලෙමින් නාට්‍ය ගණනාවක් ආලෝකවත් කිරීමට කටයුතු කළ මේ ප්‍රවීණයාගේ කාර්යය ඇගයීමේ මතකාවර්ජන සැඳෑවක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර ජනවාරි 18 වැනිදා සවස 06ට මරදාන, ටවර් රඟහලේදී 'ලයිට් ගාමිණී' ආලෝකාලංකාරය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඔහු පසුගියදා ජාතික රූපවාහිනියේ නුග සෙවණ සාකච්ඡාවකටද සහභාගි වී තිබිණි.