DeepFake හෙවත් ගැඹුරු ගැඹුරු විකෘතිය මේ වන විට සමාජය තුළ අලුතින් හඳුනාගන්නා ව්‍යසනයක් බවට පත් වෙමින් තිබෙන වකවානුවක තමන්ද එයට මෑතකදී හසු වූ බව බොලිවුඩයේ ජනප්‍රිය නිළි සනී ලොයෝනි පවසා සිටියාය.
මේ වන විට පුද්ගල ශරීර එම ශරීරයට වෙනත් තැන්කින් උපුටාගෙන බද්ධ කර ප්‍රසිද්ධ කිරීම මෙම ක්‍රියාවලියෙන් සිදු වන අතර පවතින තාක්ෂණය යහපත් අයුරින් යොදාගන්නා ලෙස අවධාරණය කෙරෙන මිනිස් රැස්වීම් පසුගිය වකවානුවේදී ඉන්දියාව තුළ බෙහෙවින් දියත් කෙරුණේ බොලිවුඩ් නිළියන් බොහොමයකගේ ශරීර විකෘති කිරීම හඳුනා නොගත් පාර්ශ්ව විසින් කරනු ලැබීම හේතුවෙනි.
බොහෝ විට එම ඡායාරූප ලිංගික පෙළඹවීම් ඇති කිරීම සඳහා කරන ලද වෙනස්කිරීම් වන අතර ජාන්වී කපූර්, රශ්මිකා මන්දනා, ආලියා භට්ගෙන් පසුව සනීටද මෙසේ සිදු වූ බව ඇය හෙළි කර තිබේ.
කෙසේනමුත්, සනීගේ ඡායාරූප හා චිත්‍රපටවල කරන තමන් නිරූපණය කරන දේවල් ගැන අවබෝධයක් ඇති සනී පවසන්නේ ඒවායින් තමන්ට බලපෑමක් ඇති නොවන බවයි.
නමුත්, මෙය දරුණු සමාජ ව්‍යසනයක් විය හැකි බව ඇය අවධාරණය කරන්නීය.
මන්ද, රංගන ශිල්පිනියන්ට මෙවැනි තත්ත්ව කලමනාකරණය සහ ඒවායේ අපරාධකරුවන් හඳුනාගැනීම පහසු වන නමුත්, සාමාන්‍ය සමාජයේ යුවතියන්ට පවා මෙම තත්ත්වය වඩාත් ව්යසනකාරීවීමට ඇති ඉඩ වැඩි වීම හේතුවෙනි.