අපි ඉස්සර ගොඩක් ෆිල්ම්ස්වල ට්රාන්ස්ජෙන්ඩර්ස්ලා දැක්කේ කොමඩි කැරැක්ටර් එකක් විදියට. ගොඩක් වෙලාවට නිර්මාණකාරයෝ එයාලාව යූස් කරෙත් ඒ බාල අදහස වෙනුවෙන්. ඒත් දැන් දැන් ඒ තත්වය ටිකක් වෙනස් වෙමින් යනවා. ලංකාවෙ නම් විසාකේස චන්ද්‍රසේකරම්ගේ ෆ්රැන්ෆිපානි - 2014 ෆිල්ම් එකෙන් යම් පෙරලියක් සිදුවුනා අඩුම වශයෙන් සිනමාව තුළ හෝ.
ඒ වගේම කොඩි ගහ යට ටෙලි ඩ්‍රාමා එකෙනුත් යම් සාධනීය බලපෑමක් කරා. මේවා ඉතාම සුලුතර සීදුවීම් වුනත් මේ බලපෑම අනාගතයේ ඉතාම සාධනීය තත්වයක් දක්වා වර්ධනය විය හැකියි.
හැබැයි අද කතා කරන්න යන්නේ 2022 දී ආපූ මොනිකා ෆිල්ම් එක ගැන. ඒක අධ්‍යක්ෂණය කරන්නේ ඇන්ඩ්‍රියා පල්ලොරෝ (Andrea Pallaoro) කියන ඉතාලි අධ්‍යක්ෂකවරයා. ලියන්නෙත් ඔහු සමඟින් ඔරලන්ඩෝ ටිරාඩෝ (Orlando Tirado). පල්ලෝරෝගේ කලින් ෆිල්ම්ස් දෙකත් (Medeas - 2013 සහ Hannah - 2017) ලියන්නේ මේ දෙන්නම එකතු වෙලා.
මේ මොනිකා ෆිල්ම් එකේ මතුපිටින් හරිම ලීනියර් කතාවක් තියෙන්නේ. කාන්තාවක්, එයාගේ අම්මා බරපතල ලෙස අසනීප නිසා බලන්න ගෙදර යනවා. හැබැයි ඒ යන්නේ ගොඩක් කාලෙකින්. ඒක තමයි මේ ෆිල්ම් එකේ සරල කතාව.
බැලූ බැල්මටම පේන සරල කතාවක් කොහොමද අපේ ජීවිතේ ඇතුළටම කිඳා බැහැලා, අපේ ජීවිතේ අඳුරු තැන් ගවේශණය කරන්නේ කියන එකට හොඳම උදාහරණයක් තමයි මොනිකා. සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් කිව්වම අපිට දැනෙන ලොකු සෙට්ස් දාලා කරන, සංකීර්ණ කැමරා වර්ක් එකක් තියන, පට්ට කතාවක් වෙනුවට හරිම සරල ට්‍රීට්මන්ට් එකකින් අපේ ජීවිතයට ඇතුල් වෙන්න පුළුවන් තරමට මොනිකා සාර්ථක වෙනවා.
පල්ලොරෝ එක ඉන්ටර්විව් එකක කියනවා මේකේ ප්‍රධාන චරිතේ වන මොනිකව තෝරගන්න එයා 30 දෙනෙක් විතර ඔඩිශන් කරා කියලා. ඒ වගේම දැන් ෆිල්ම් එකේ ප්‍රධාන චරිතේ කරන ට්‍රේස් ලයිසෙට් (Trace Lysette) දැක්ක ගමන් හිතුනලු එයා තමයි චරිතය කියලා.
ඒ වගේම ඇයගේ සැබෑ ජීවිතේ තියන අත්දැකීම්, ෆිල්ම් එකට ලොකු බලපෑමක් වුනා වගේම සමහර සිදුවීම්, දෙබස් ඩිවලොප් කරද්දි ට්රේස්ගෙන් සහයෝගයක් ලැබුන කියලත් කියනවා. මොකද ලයිසෙට් කියන්නෙත් ට්‍රාන්ස්ජෙන්ඩර් කාන්තාවක්. එයත් සක්‍රීයව LGBTQ+ වෙනුවෙන් මේ මොහොතේ වැඩ කරමින් ඉන්නේ.
කවුද ඇත්තටම මේ මොනිකා?
ෆිල්ම් එක පටන් ගන්නේ මොනිකගේ ‘අම්මට ගොඩක් අසාධ්‍යයි’ කියලා එන කෝල් එකකින්. කෝල් එක එන්නේ මොනිකගේ සහෝදරයගේ බිරිඳගෙන්. මොනිකා තීරණය කරනවා අම්මව බලන්න යන්න. ඇය ගොඩක් කාලයකින් ගෙදර ගිහින් නෑ.
ඒ අතරතුර ඇයගේ දාලා ගියපු පෙම්වතාට කෝල් කරලා ඇය ඉල්ලා සිටින්නේ ‘නැවත එන්න, අපිට තව ස්පේස් එකක් ඕන’ කියලා. හැබැයි කොතැනකවත් අපිට ඔහුව දකින්න ලැබෙන්නේ නෑ.
ෆිල්ම් එක බලන් යද්දි ගොඩක් දෙනෙක්ට හිතෙන දෙයක් තමයි කවුද මේ මොනිකා? හේතුව තමයි ඇයව ෆිල්ම් එක තුළ ස්ථානගත කරන්නේ ඕපපාතික කෙනෙක් විදියට වීම. හැබැයි ඇයට පවුලක් (අම්මා, සහෝදරයෙක්) තියනවා. ගෙදරක් තියනවා. ඒත් ඒ හැමතැනකම ඇය ඉන්නේ ආගන්තුක කෙනෙක් විදියට. කාටවත් ඇයව අඳුනගන්න බෑ. ඇයගේ මවගේ අසනීපය නිසා මතකය අන්තිමයි. අම්මා හිතන්නේ ඇයව බලාගන්න ආපූ සාත්තු සේවිකාවක් කියලා. සහෝදරයා පවා කියන්නේ ඇයව අඳුන ගන්න බෑ කියලා. ඒ වගේම එයා සෙක්ස් වර්කර් කෙනෙක් කියලා පේනවා. මෙන්න මේ ඕපපාතික බව නිසාම අපි හොයනවා ඇයි මොනිකට මෙහෙම වෙලා තියෙන්නේ කියලා. එතකොට තමයි අපිට ටිකෙන් ටික තේරෙන්නේ එයා ට්‍රාන්ස් වෙච්ච කෙනෙක් කියලා. හැබැයි ෆිල්ම් එකේ කොහේදිවත් ඒක කියන්නේ නෑ. මේ ෆිල්ම් එකේ තියන විශේෂත්වයත් ඒක. ට්‍රන්ස්ජෙන්ඩර් වෙන එක මැජික් එකක් නොවී ඒක සාමාන්‍ය දෙයක්, (මොනිකා කියන්නේ සාමාන්‍ය කාන්තාවක්) විදියටම කතාව අරං යන එක. එතකොට මොනිකා මුහුණ දෙන මේ අනන්‍යතාවය පිළිබඳ ඇගේ ප්‍රශ්ණය ඇය ට්‍රාන්ස් වීම නිසාම ඇති වූවක් නෙවෙයි. මිනිසුන් විසින් දෛනික ජීවිතයේ මුහුණ දෙමින් යන අවුලක්. භෞතික වශයෙන් ඔක්කොම තිබ්බත් අපිට, මොකක්දෝ ලොකු කෑල්ලක් ජීවිතේ නැති වෙලා තියනවා. අපි ඒක හොයමින් යනවා. එක්කෝ ආදරය විදියට හොයනවා. නැත්නම් වෙන වෙන දේවල් විදියට හරි අපි හොයමින් ඉන්නේ ඒක. ජීවත් වීම කියන්නේ අන්න ඒ ලුහුබැඳීමද? මොනිකා අප හමුවේ ඇති කරන ප්රශ්නය වෙන්නේ ඒක.
යෞවන කාලයේදීම ගෙදරින් ගිහින් තරුණියක් වෙලා ගෙදර ආපූ මොනිකව අම්මා කොහේදිවත් වචනාර්ථයෙන් එයාගේ දුව විදියට බාරගන්නේ නෑ. නමුත් අවසාන හරියේ පවුලේ ඡායාරූපය ගන්න කොටසෙදි ඇගේ මව ඇගේ අතින් අල්ලලා එකඟතාවයක් පලකරනවා. ආසියානු සංස්කෘතිය ඇතුලේ අපි මේ වගේ සිදුවීමකට මුහුණ දෙන ආකාරය තරමක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් සමස්ත මානව ප්‍රජාව ඇතුලේ තියන හැඟිම්, මේ පැය දෙකකට ආසන්න කාලයක් ඇතුලේ අපිට ෆීල් කරවන්න මොනිකා සමත් වෙනවා.
ඒ වගේම ෆිල්ම් එකේ තාක්ෂණික පැත්තෙනුත් ඒ මානව හැඟීම්වල සංකීර්ණතාවයන් රූපගත කරන්න හොඳ ක්‍රමයක් භාවිතා කරනවා. සම්පූර්ණ චිත්‍රපටියම තියෙන්නේ 1:1 (Box portrait style ratio) රාමුවක. සමීප රූප ලෙස හැඟීම් සහ අවකාශය අතර බද්ධවීම ඒ රාමුව ඇතුලේ ගොඩ නඟන්න සමත් වෙනවා. වර්ණ භාවිතයේ ඇති විවිධත්වයත් ඒ හැඟීම් තවත් උද්දීපනය කරන්න සමත් වෙනවා. ඒ හැම ෆ්‍රේම් එකක්ම වගේ ගොඩනැඟෙන්නේ මොනිකගේ Portrait එකක් වගේ. තනි තනි ඡායාරූප විදියට. ෆිල්ම් එකක් ඇතුලේ ව්‍යාකරණ කඩන්න වගේම ව්‍යාකරණ හරියට පාවිච්චි කරලා ‘සිනමා කතන්දරයක්’ කියන්නේ කොහොමද කියලා බලන්නත් මොකිකා හොඳ උදාහරණයක්.
ඒ වගේම මොනිකා, වැනීස් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ ගෝල්ඩන් ලයන් ඇතුලු සම්මාන කිහිපයකටත් නිර්දේශ වෙලා තියනවා.
තරිඳු ජයරත්න විසිනි