ලෝක හින්දි දිනය පසුගිය සතියේ උත්කර්ෂයෙන් සැමරුන අතර ශ්‍රී ලංකාවේ සංස්කෘතික සබැඳියාව සඳහා වන ඉන්දීය කවුන්සිලය විසින් උත්සවයක් සංවිධානය කර තිබිණි.
ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වුණ උත්සවයේදී හින්දි භාෂාව සඳහා අදාළ තරඟ ජයග්‍රහණය කළ අයට ත්‍යාග සහ සහතිකපත් ප්රදානය කෙරුණ අතර කොළඹ පැවති උත්සවය අලංකාර කළ ශ්‍රී ලාංකික යෞවනියන්ගේ ඉන්දීය නර්තනාංගය බෙහෙවින් ආකර්ෂණීය එකක් විය.
ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්ව විද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ ශාන්ත පෝල් බාලිකා පාසලේ සිසුවියෝ මේ සඳහා සහභාගි වී සිටියහ.