ඉන්දියාවේ ජනප්‍රිය රියැලිටි වැඩසටහනක් වන 'බිග් බොස්' මේ වන විට 17 වැනි අදියරේ පසුවෙන අතර මේ දිනවල අවසන් කඩඉම දක්වා පැමිණ ඇති වැඩසටහනේ උවමනා නොවන නමුත්, කලා රසිකයින්ගේ අවධානය දිනාගන්නා කරුණු ගණනාවක් කරළියට පැමිණ තිබේ.
ඒ බොලිවුඩයේ මෑතකදී මිය ගිය ප්‍රසිද්ධ වූ නළුවකු වූ සුශාන්ත් සිං රාජ්පුත්ගේ පැරණි පෙම්වතියක් වූ නිළි අන්කිතා ලෝකන්ඩේ හට තම සහාය පළ කරන බව සුශාන්ත්ගේ සහෝදරිය පැවසීම හේතුවෙනි.
අන්කිතා යනු හොඳම සහ නිර්මල කාන්තාවක බව පවසමින් සුශාන්ත්ගේ සහෝදරිය ශ්වේතා සිං කිර්ති අන්කිතාට සහාය දක්වන බව පවසා සිටියාය.
වැඩසටහන අතරතුරදී සුශාන්ත්ගේ පවුල සමඟ අන්කිතාට විශාල බැඳීමක් ඇති බව ඇගේ මව හෙළි කිරීමෙන් පසුව මෙම සහාය පළ කිරීම සිදුව ඇත. යථාර්ථයේදී අන්කිතා විවාහක නිළියක ලෙස සාර්ථක ජීවිතයක් ගත කළද මෙම වැඩසටහනේ පවතින තරඟය හේතුවෙන් මෙවන් සංවේදී කරුණු හරහා ඇයට ලබාගත හැකි ජනප්‍රියත්වය මෙන්ම විවේචනද සාපේක්ෂව පවතින බව සමාජ මාධ්‍ය ජාල ඇසුරේ දක්නට ලැබෙන කරුණකි.
වැඩසටහන අතරතුරදී තරඟකරුවන්ට සිය පවුලේ සාමාජිකයින් හමු විය නොහැකි අතර පසුගියදා කොන්දේසි සහිතව සියලු දෙනා සිය පවුලේ අය හමුවනු දක්නට ලැබිණි. එහිදී අන්කිතා සිය මව මෙන්ම නැන්දණිය වන සැමියා විකී ජේන්ගේ මවද මුණගැසුණ අතර මාධ්‍ය හමුවේ නැන්දණියගේ ප්‍රතිචාරය වූයේ අන්කිතාට අනුකම්පාව අවශ්‍ය වීම හේතුවෙන් ඇය සුශාන්ත් ගන කතා කරන බවය.
තරඟය අතරතුර අන්කිතා සුශාන්ත් ගැන වැඩි වශයෙන් කතා කළ අතර සුෂාන්ත් අතිශයින් වෙහෙස වී, කැපවීමෙන් වැඩ කරන බව ප්‍රකාශ කළාය. සුශාන්ත්ගේ දිනපොත් භාවිතය, අපේක්ෂා ගැනද ඇය කතා කළාය. 'එම්එස් දෝනි' චිත්‍රපටය වසර දෙකක් ප්‍රමාද වී තිබියදීද සුෂාන්ත් ක්‍රිකට් පුහුණුව නතර නොකළ බවද අන්කිතා හෙළි කළාය. මහේන්ද්‍ර සිං දෝනිගේ උපන් ගම වෙත යෑම, දෝනිගේ බිරිඳ සාක්ෂි හමුවීමද සඳහන් කිරීම අන්කිතා ගැන රසික අවධානය බෙහෙවින් ලැබීමට හේතු වී තිබේ.