'හේ රාම්' 2000 වර්ෂයේදී එළිදැක්වුණ කමල් හසන්ගේ අමරණීය චිත්රපටයකි. රචනය, අධ්යක්ෂණය සහ නිෂ්පාදනය කමල් හසන් විසින් සිදු කරනු ලැබූ චිත්රපටයේ විශේෂත්වය එය පමණක් නොව බොලිවුඩයේ රජු ෂාරුක් ඛාන් සමඟ ඓතිහාසික රඟපෑමක් එහි කමල් විසින් සිදු කරනු ලැබීමයි. නමුත්, දැන් එම රඟපෑමට වැඩි දෙයක් 'හේ රාම්' වෙනුවෙන් ප්රවෘත්තියක් මවා තිබේ.
ඒ ලොව පළමු අධි තාක්ෂණයෙන් ඩිජිටල්කරණය කළ සහ සංරක්ෂණය කළ චිත්රපටය ලෙස හේ රාම් තෝරාගැනීමයි. මෙම අවස්ථාව චිත්රපට සංරක්ෂණයේ විප්ලවයක් ලෙස හැඳිනිය හැකි අතර ගෝලීය සිනමාව සංරක්ෂණයට සමාන නාමයක් හැටියට හඳුන්වන චිත්රපට පසු නිෂ්පාදන චිත්රාගාර සමාගමක් වන ප්රසාද් කෝපරේශන් මේ සඳහා මුල්තැන ගෙන තිබේ.
'උලග නායගන්' හෙවත් ලෝක වීරයකු වන කමල් හසන් සමඟ 'හේ රාම්' වෙනුවෙන් ආඩම්බරයෙන් අත්වැල් බැඳගැනීම මෙම කටයුත්තෙන් සිදු වේ.
නවීනතම ඩිජිටල්කරණ තාක්ෂණය භාවිතා කරමින් 'හේ රාම්' ඉදිරි පරම්පරා වෙනුවෙන් අමරණීය කිරීම මෙම මෙහෙයුමේ අරමුණ වන අතර මෙය සිනමා ඉතිහාසයේ චිත්රපට නිර්මාණය සංරක්ෂණයට වඩා අතීතයට උපහාරයක් වනු ඇති බව කමල් හසන්ගේ ප්රේක්ෂකයින් අදහස් දක්වා තිබේ.
හේ රාම්හි රාණි මුඛර්ජී සහ හේමා මාලිනීද රංගනයෙන් දායක් වූහ.