සරෝජ් ඛාන් ගැන පහුගිය දවසක කථා වෙද්දි ආපු කමෙන්ට්ස් කිහිපයක් නිසා මේ සිංදුව ගැන විස්තරයක් ලියන්න හිතුනෙ..
'තබා හෝගයී' (විනාශ විය ) තමයි සරෝජ් ඛාන් අවසන් වරට කරපු නර්තන නිර්මාණය.. සරෝජ් සහ මාධුරී කියන්නෙ නෙක්ස්ට් ලෙවල් කම්බිනේශන් එකක් නිසාම මේක ගැන ගොඩාක් අය අහස උසට බලාපොරොත්තු තියාගෙන හිටියා..
ඒත් ඇත්තටම මේක ඒ ලෙවල් එකට තිබ්බාද..? මට අනුව නම් නෑ.. ඒකට හේතු කිහිපයක්ම තිබ්බා.
පළවෙනිම කරුණ මේකෙ සංස්කරණය.. ලස්සන කථක් නර්තනයක් පෙන්නන්න තිබ්බ මේ සිංදුව මැද්දට වෙන වෙන වැල්වටාරම් ගොන්නක් දාලා ඒක මැද්දට ආලියා ආදිත්‍යගෙ හනිමූන් එක, වරුන්ගෙ අඳෝනාව, කියාරාගේ කේළම් ඔක්කොම දාලා තිබ්බ එකෙන් වුණේ ලස්සන ඩාන්ස් එකක් බලන්න තිබ්බ චාන්ස් එක අහිමි වුන එක..
අනික් හේතුව මේ සිංදුව ඇතුළෙ විශුවල් එකට මාධුරීට දාලා තිබ්බ අනවශ්‍ය ඉන්ටෙන්ශන් එක.. මාර්ඩාලා, කාහෙ චේඩ්, හමාරී අට්ටරියා වගේ සිංදුවල තිබ්බ මාධුරීගෙ ලස්සන හිනාව මේක ඇතුළෙ තිබ්බෙ නෑ... ඒ නිසාම නර්තනය ඇතුළෙ තිබ්බ ඒ දුක්බර මූණ නරඹන්නාවත් විඩාවට පත් කළා..
ඊළඟට මේකෙ තිබ්බ ප්‍රාථමික කැමරාකරණය.. මේකෙ අන්තිම ජවනිකාවෙ මාධුරී චක්කර් 35ක් ගන්න දර්ශණයක් තිබුණා මතකද? අන්න ඒ දර්ශනය අරන් තිබ්බෙ එකම කැමරා ඈන්ගල් එකකින්.. හරියට අර ආධුනික වෙඩින් වීඩියෝවක් වගේ..
තව එකක් තමයි වයස 50 පැනපු මාධුරී අනවශ්‍ය ලෙස විඩාවට පත්වෙන අන්දමේ නර්තන පියවර මේකට එකතු කරලා තිබ්බා.. අර කලින් කියපු මාධුරී එකවර චක්‍ර 35කට වැඩි ප්‍රමණයක් කැරකෙන දර්ශනයේදි කීප වරක් ඇගේ පාලනය ගිලිහී යන ආකාරයන් දක්නට තිබුනා.. තාක්ෂණය මෙච්චර දියුණු කාලෙක කැමරාවෙන් වැඩ දාලා එඩිට් කරලා කරන්න තිබ්බ එකක් එච්චර මහන්සි වෙලා කෙරෙව්වෙ මොකටද මන්දා..?
ඊළඟට නර්තනයෙ වැඩි බරක් දීලා තිබ්බෙ ප්‍රධාන නිළියට බොහෝ අවස්ථාවල පරිවාර නර්තන ශිල්පිනියන් හිටියෙ බිම වාඩි වෙලා.. ඇත්තටම ඊට වඩා එයාලගෙන් වැඩක් ගන්න තිබ්බා.. හරියට මාර්ඩාලා එකේ වගේ.
කොහොම නමුත් මේක ගැන සරෝජ් හරිම කනස්සලෙන් පහුවෙලා තිබ්බා.. විශේෂයෙන්ම කරන්ගෙ එඩිට් එකේදි නර්තනයේ විශාල කොටසක් වෙනත් ජවනිකාවලින් පුරවපු එක ගැන ඈ ප්‍රසිද්ධ මාධ්‍යයේම විවේචනය කළා..
කොහොම නමුත් ඇගේ මරණයෙන් පස්සෙ කරන් මේ ගීතයේ විශේෂ සංස්කරණයක් අන්තර්ජාලයට නිකුත් කළා.. ඒකෙ ගීය අවසානෙ තිබුණ මාධුරීගෙ තරාණා නර්තනය සම්පූර්ණයෙන්ම එකතු කරලා තිබ්බා..
ඒත් ඒක බලන්න සරෝජ් ඛාන් ජීවතුන් අතර හිටියෙ නෑ..
මේ තියෙන්නෙ තබා හෝගයී ස්පෙශල් එඩිශන්..
චරිත් මොරගොඩ (පාලක; භාරත රසික සිනමා සංසදය ෆේස්බුක් සමූහය) විසින් සකස් කරන ලද සටහනකි.