ඓශ්වර්යා රාජේශ් කියන්නේ දකුණු ඉන්දීය සිනමාවේ චරිතාංග ජනප්‍රිය නිළියක්. මලයාලම්, තෙලිඟු, දෙමළ චිත්‍රපටවල තමයි ඓශ්වර්යාව අපට වැඩිපුර දකින්න ලැබෙන්නේ.
අයිශ්වර්යා ගැන පහුගිය දවසක වැඩි අවධානයක් ලැබුණේ පසුගිය දවසක ලංකාවේ පැවැත්වුණ ජාතික තෛපොංගල් උත්සවය නිසයි.
හැටන්වල පැවැත්වුණ මේ උත්සවයට ඓශ්වර්යා එක්ක දකුණු ඉන්දියාවේ ජනප්‍රිය නවක පරපුරේ නිළියන් කිහිප දෙනෙකුත් සහභාගි වෙලා තිබුණා.
කොහොම නමුත්, මේ සියල්ලන් අතරින් වැඩි අවධානයක් ආවේ ඓශ්වර්යාට. ඒ මේ නිළියන් අතරින් තමන්ගේ රඟපෑම් නිසා ලංකාවේ වැඩියෙන්ම ජනප්‍රියතාවක් තියෙන නිළිය වෙන්නේ ඓශ්වර්යා නිසා.
ඓශ්වර්යා එක්ක සම්යුක්තා, මීනාක්ෂි, ඓශ්වර්යා දත්තා කියන නිළියන් තමයි උත්සවයට සහභාගි වෙලා තිබුණේ.
ඓශ්වර්යා රාජේශ් 1990 ඉපදුණු දකුණු ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන හතරක්, දකුණු ඉන්දීය ෆිල්ම්ෆෙයාර් සම්මානයක් සහ තමිල්නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මාන ලැබූ නිළියක්.
'ඇසත පොවතු යාරු' නම් විකට වැඩසටහනෙන් රූපවාහිනී නිවේදිකාවක් විදිහට වෘත්තීය ජීවිතය ආරම්භ කරපු ඓශ්වර්යා 'මානද මයිලද' රියැලිටි වැඩසටහන ජයග්‍රාහිකාව වෙනවා. එයින් පසුව 'අවර්ගලුම් ඉවර්ගලුම්' චිත්‍රපටියට ඇය රංගනයෙන් දායක වෙන්නේ 2011දීයි. ඓශ්වර්යා සිනමාවෙ ජනප්‍රිය වෙන්නේ ඊට අවුරුද්දකට පස්සේ කළ අට්ටකාති චිත්‍රපටයෙන්. ඓශ්වර්යාගේ සම්මානීනය කාලය ඇරඹෙන්නෙත් ඉන්පස්සෙයි.
'කාකා මුට්ටායි චිත්‍රපටිය වෙනුවෙන් 2014දි හොඳම නිළිය විදිහට තමිල්නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මානය ලබන ඓශ්වර්යා 'වඩා චෙන්නායි' 'කනා' චිත්‍රපටවලින් පිළිගත් චරිතාංග නිළියක් වෙනවා. තෙලිඟු සිනමාවේ විජය දෙවාරකොන්ඩා සමග රඟපෑ 'වර්ල්ඩ් ෆේමස් ලවර්' චිත්‍රපටයේ තමන්ගේ ජීවිතය වෙනුවෙන් නිහඬව අරගල කරන විවාහක කාන්තාවකගේ චරිත නිරූපණය ගැන ඓශ්වර්යාට ප්‍රශංසා ලැබුණා. ජොමොන්ටේ සුවිශේශන්ගල්, ඩැඩී, කෞසල්‍යා ක්‍රිෂ්ණමූර්ති, කා පේ රණසිංහම්, එන් ආර් අයි ඉන් රිපබ්ලික්, අ කෝප් ඉන් තිට්ටම් ඉරන්ඩු, ද ග්‍රේට් ඉන්ඩියන් කිචන් තෙලිඟු චිත්‍රපටය යනාදී චිත්‍රපටවල ඓශ්වර්යාගේ රඟපෑම් අගය නොකළ කෙනෙක් නොමැති තරම්.
චෙන්නයිවල තෙලිඟු පවුලක ඉපදුණු ඓශ්වර්යා ඉන්දියාවේ පහළ මධ්‍යම පාන්තික පවුලක දියනියක් නමුත්, තමන්ගේ දක්ෂතාවයෙන් වෘත්තීය මාර්ගය හදාගෙන ඉදිරියට ආව නිළියක්. ළමා නිළියක් විදිහටත් ඇය වතාවක් රඟපාලා තිබුණත් ඇගේ ගමන ඒ තරම් පහසු එකක් නොවෙන්න, සිනමා තිරයට ගැලපෙන පැහැපත් සමක් නොමැති වීමත් අභියෝගයක් වුණා කියලා ඓශ්වර්යා රූපවාහිනී වැඩසටහනකදි කියලා තිබුණා. කොහොම නමුත්, ඇගේ සිනමා ගමනේ චිත්‍රපට ගත්තම ඓශ්වර්යාගේ දක්ෂකම මනින්න සමේ පැහැයෙන් නම් බැරි බව බොහෝ දෙනෙකුට පැහැදිලි කාරණයක්.
එහෙම රංගන ශිල්පිනියක් තමයි ඉතින්, පසුගිය දවසක ලංකාවේ ජාතික තෛපොංගල් උත්සවයට ආවේ. ඓශ්වර්යා ඒ අවස්ථාවෙ ගත් ඡායාරූප එක්ක කියලා තිබුණේ සාරිය ඇඳීමට ඇය ඉතාමත් කැමති බව තමයි.
මිරර් ආට්ස් යූටියුබ් පිටුව වෙනුවෙන් සැකසුණු සටහනකි.