හොලිවුඩයේ මෙන්ම ලෝක මට්ටමින්ද විශාල ජනතාවක් නරඹන 'මහා සිනමා මංගල්‍යය' ලෙස හඳුන්වන 'ඇකඩමින් අවෝඩ්ස්' එනම්, 96 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ නාමයෝජනා පෙරේදා (23) ප්‍රකාශයට පත් කෙරිණි.
පසුගිය වසර එනම්, 2023දී එළිදැක්වුණු හොඳම චිත්‍රපට සඳහා ලබා දෙන සම්මාන හිමිකරුවන් 2024 මාර්තු 10 වැනිදා කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හි ඩොල්බි රඟහලේදී පැවැත්වීමට නියමිතය.
ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ඕපන් හයිමර් සහ ග්‍රේටා ගර්වින්ගේ බාර්බි චිත්‍රපට පසුගිය වසරේ වාණිජමය වශයෙන් සාර්ථක වූ ඒවා විය.
ඒ අනුව ඕපන් හයිමර් 13 වරක් සම්මාන අංශ සඳහා නිර්දේශ වී තිබිණි.
බාර්බි චිත්‍රප්ටය සඳහා නාම යෝජනා 08ක් තිබේ.