පුවත්පත් කලාවේ ගුරුහරුකම් දෙමින් සිය ප්‍රවීණත්වය ප්‍රකට කළ පුවත්පත් ප්‍රවීණයකු වූ ඩී.ඒ. විජේසුන්දරගේ අවසන් කටයුතු හෙට (26) අවිස්සාවේල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
'හිරු' පුවත්පතින් සිය පුවත්පත් ගමන ආරම්භ කළ ඔහු මිය යන විට 'අනිද්දා' පුවත්පතේ බෙහ්දාහැරීම් කළමනාකරු ලෙස කටයුතු කළේය.
ඔහුගේ සමුගැන්ම ගැන ඇති වූ අඩුව පිළිබඳව තවත් මාධ්‍ය ප්‍රවීණයකු වන රවීන්ද්‍ර පුෂ්පකුමාර මෙසේ ලියා තිබිණි.
"තවත් හිරු සගයෙක් සමුඅරගෙන, විජේ අයියත් යන්නම ගිහින්. දවස, දිවයින,ලක්දිව, හිරු, රශ්මිය, ලේක්හවුස්, සත්හඬ, අනිද්දා පුවත්පත් එක්ක වැඩකරන්නට යොමු වුනේම මිත්‍ර සමාගම නිසාමයි. හිරු පුවත්පතේ මගේ ගුරුවරයා හැටියට හිටියේ විජේ අයියා. ඉස්සර අපිට කොළඹ වගේමයි අවිස්සාවේල්ල. ඒ විජේසුන්දර අයියගෙ ගෙදර අවිස්සාවේල්ල ආරාධනකන්ද නිසා. ඊට ආසන්නයේම ඒ කාලේ හිරු එකේ හිටපු උදේනි සමන් කුමාර. මේ ගෙවල් දෙක නිසාම අවිස්සාවේල්ල කොළඹ තරමටම ළඟ වුනා. ජොබ් ඇති නැති හැමකාලෙම අපේ ජංගම නවාතැන වුන ලාල් අයියගේ (ප්‍රේමලාල් වෙඩික්කාර) ත්‍රීවීල් එකේ නිත්‍ය සාමාජිකයෙක් තමයි විජේ අයිය. අවසානයටම වැඩකළ(බෙදාහැරීම් කළමනාකරු) පුවත්පත වෙච්ච අනිද්දා පුවත්පත දක්වාම අපේ මිත්‍රකම ගලාගෙන ආව. එක පැත්තකින් මගෙ මුල්ම ගුරුවරයෙක්."